01

E   |     |  

 දිනය: 2019-05-10   පිළිතුර ලබා දී ඇත 

0037/2019: ඛනිජ තෙල් ප්‍රවාහනය: ගාස්තු සංශෝධනය

37/’18

ගරු හේෂා විතානගේ මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ සංගමයේ  සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම සාමාජිකයන්ගේ නම්, ලිපිනයන් හා ඔවුන් සතු බවුසර්වල අංක කවරේද;

(iii) පසුගියදා සිදු වූ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව, ඔවුන්ගේ ප්‍රවාහන ගාස්තු සංශෝධනය නොකිරීම හේතුවෙන් එම සංගමයේ සාමාජිකයන්          දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව දන්නේද;

(iv) එසේ නම්, එම ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-10

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       CPSTL ආයතනයේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ සංඛ්‍යාව 421කි.

                        ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ සංගමයේ සාමාජික සංඛ්‍යාව පිළිබඳ විස්තර CPSTL ආයතනය සතුව නැත.

              (ii)       CPSTL ආයතනයේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ විස්තර ඇමුණුමෙහි දැක්වේ.

ඇමුණුම සභාගත* කරමි.

(iii) 2019 වසර සලකා බැලීමේ දී ජනවාරි හා ජූලි මාසවල ඉන්ධන මිල අඩුවීමක්ද, පෙබරවාරි, මාර්තු, මැයි, ජූනි මාසවලදී ඉන්ධන මිල වැඩිවීමක්ද වාර්තා වී ඇත. මේ ආකාරයට සිදුවන ඉන්ධන මිල විචලනය  සලකා මෙම සාමාජිකයන් මුහුණ දෙන දුෂ්කරතා හඳුනාගනු ලැබේ.

(iv) වර්ෂය තුළ සිදු වූ සමස්ත මිල විචලනය මෙන්ම අනෙකුත් සාධකද සැලකිල්ලට ගෙන ප්‍රවාහන දීමනා සුදුසු පරිදි සංශෝධනය කරනු ලැබේ. ඒ ආකාරයට 2018 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ එකඟතාවෙන් යුතුව වැඩි කරන ලද අතිරේක ප්‍රවාහන ගාස්තු 2018 සැප්තැම්බර් මස ගෙවන ලදී. 2019 ජූලි මස 22 දිනද ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ සංගමයේ නිලධාරින් සමඟ සාකච්ඡා කළ අතර, ඒ අනුව ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කබීර් හෂීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks