01

E   |     |  

 දිනය: 2019-05-23   පිළිතුර ලබා දී ඇත 

0035/2019: කුරුවිට සතිපොළ: සංවර්ධනය

35/’18

ගරු හේෂා විතානගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ගම්මාන රැසක ජනතාව තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා කුරුවිට සතිපොළට පැමිණෙන බවත්;

             (ii)       කිසිදු පහසුකමකින් තොරව වෙනත් ස්ථානයක පවත්වාගෙන යන එම සතිපොළ  වැසිදාට එකම මඩවගුරක් බවට පත්වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, එම සතිපොළ සංවර්ධනයට අමාත්‍යාංශය ගනු ලබන පියවර එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-23

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)        කුරුවිට සතිපොළ සතියකට වරක් සෙනසුරාදා දිනයේදී පැවැත්වෙන අතර, කුරුවිට අවට ගම් ප්‍රදේශවල ජනතාව බොහෝ පිරිසක් තම අවශ්‍යතා සඳහා මෙම පොළ වෙත පිවිසේ. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක අවම පහසුකම් සහිතව තාවකාලිකව පොළ පවත්වාගෙන යන අතර, වර්ෂාව අධික සමයේදී ජලය එක් රැස් වී වෙළෙන්දන් හා මහජනතාව යන දෙපාර්ශ්වයම අපහසුතාවට පත් වේ.

(ආ) සතිපොළ සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව විසින් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම්, ඒ පිළිබඳව සලකා බැලිය හැකිය.

මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළොත්, අපට පුළුවන් ඒ ගැන සලකා බලන්න.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks