පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
30/’18
ගරු හේෂා විතානගේ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(ii) 2005 සිට 2017 වර්ෂය දක්වා ධීවර ක්‍ෂේත්‍රය වෙනුවෙන් වෙන් කරන ලද මුදල වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එසේ වෙන් කරන ලද මුදල් එම එක් එක් වර්ෂ සඳහා ප්‍රමාණවත් වූයේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-19
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 2018 වසරේ ප්‍රතිපාදන තුළින් ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මකව පවතී. මිරිස්ස, ගාල්ල ධීවර වරාය සංවර්ධනය හා කලමැටිය, වෙල්ලමන්කර, මයිලිඩ්ඩි ධීවර වරාය ඉදිකිරීම, පැරෑලිය නැංගුරම්පොළ හා සාම්පොලාඩි, වෙල්ලමන්කර, අරිප්පු තුරෙයියූර් තොටුපොළවල් සංවර්ධනය, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජලාශවල මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම, ධීවර කර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම, ධීවර ප්‍රජාව බලගැන්වීම සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය, ධීවර නිවාස ඉදි කිරීම, අලුත්වැඩියාව හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් යටතේ වෙරළ පුනරුත්ථාපනය හා සම්පත් කළමනාකරණය, මත්ස්‍ය අභිජනනාගාර ඉදි කිරීම හා වැඩිදියුණු කිරීම, ධීවර ගම්මාන වැඩිදියුණු කිරීම, සමෝදානීය මිරිදිය ධීවර ගම්මාන පිහිටුවීම, කලපු 10ක් පවිත්‍රකරණය, බහුදින යාත්‍රාවල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හා අඩි 55ට වඩා දිගැති බහුදින යාත්‍රා නිෂ්පාදනය සඳහා සියයට 50ක සහනාධාර මුදලක් ලබා දීම යන ව්‍යාපෘති මේ අතරින් ප්‍රමුඛ වේ.
එසේම, ධීවර අංශය හා සම්බන්ධ ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන සමඟ වන විට එකඟතාවන්ට අනුගත වෙමින් නීති විරෝධී, වාර්තා නොවන, විධිවිධාන සලසා නොමැති ධීවර කටයුතු - IUU fishing - වැළැක්වීමඋදෙසා අවශ්‍ය දේශීය නීති සංශෝධනයට හා නීති විරෝධී ධීවර කටයුතුවලට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගෙන ඇත. එසේම, ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මත්ස්‍ය අස්වැන්න නෙළා ගැනීම දෙරට අතර අඛණ්ඩව පවත්නා සාකච්ඡා මත ක්‍රමිකව අඩු කර ගැනීමට හැකියාවක් ලැබී ඇත. එසේම, ශ්‍රී ලංකා රජය විසින් අත්අඩංගුවට ගන්නා ලද විදෙස් රටවල ධීවරයන් නිදහස් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම මෙන්ම වෙනත් රටවල් මඟින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකික ධීවරයන් නිදහස් කර ගැනීමට හැකියාව ලැබී ඇත. එසේම යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය හරහා සියලු බහුදින යාත්‍රා සුපරීක්ෂණය කිරීමද සිදු කරනු ලබයි.
ඒ වාගේම, ගරු කථානායකතුමනි, මේ වන විට පිට රටවල අත්අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරයන් සියලුදෙනා නිදහස් කරගෙන තිබෙන බවත් මා ඔබතුමාට මතක් කරන්න කැමැතියි.
(ii)
|
වර්ෂය |
වෙන් කරන ලද මුදල (රුපියල් බිලියන) |
|
2005 |
4.9 |
|
2006 |
5.0 |
|
2007 |
6.1 |
|
2008 |
4.3 |
|
2009 |
8.8 |
|
2010 |
6.3 |
|
2011 |
3.7 |
|
2012 |
2.7 |
|
2013 |
2.3 |
|
2014 |
3.9 |
|
2015 |
4.5 |
|
2016 |
5.7 |
|
2017 |
6.2 |
|
එකතුව |
64.4 |
(iii) වාර්ෂිකව භාණ්ඩාගාරය හරහා ලබා දී ඇති ප්‍රතිපාදන සංවර්ධන ව්‍යාපෘති සඳහා කළමනාකරණය කර ගන්නා ලදී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks