පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
12/’18
ගරු හේෂා විතානගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(ii) දිස්ත්‍රික්කය පුරා ඩෙංගු අවදානමක් පවතින බව දන්නේද;
(iii) එම තත්ත්වය පාලනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-07
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
2016 |
2017 |
2018 |
2019 |
|
රෝගී සංඛ්‍යාව |
3,165 |
11,296 |
2,246 |
266 |
(ii) ඔව්.
(iii)
දිස්ත්‍රික්කය තුළ නිවාස පරීක්ෂාව, බෝවන ස්ථාන ඉවත් කිරීම සඳහා නිවැසියන් දැනුවත් කිරීම ඇතුළු මදුරු මර්දන ක්‍රියාකාරකම් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස වෙත මදුරු මර්දන සහායකයින් ලබා දීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks