01

E   |     |  

 දිනය: 2018-07-20   පිළිතුර ලබා දී ඇත 

1128/2018: Government Railways North and East

1128/’18

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      වර්ෂ 2012 සිට 2016 දක්වා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,

              (i)       ලැබූ  මුළු ආදායම;

            (ii)       උතුරු සහ නැගෙනහිර පළාත්වලින් ලැබූ ආදායම;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි ප්‍රධාන සහ උප දුම්රිය ස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) උතුරු පළාතේ වවුනියාවේ සිට කන්කසන්තුරෛ දක්වා පිහිටි ප්‍රධාන හා උප දුම්රිය ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(iii) මැදවච්චි‍යේ සිට තලෛමන්නාරම දක්වා පිහිටි ප්‍රධාන හා උප දුම්රිය ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(iv) උතුරු පළාතේ දුම්රිය ස්ථානවල සේවයේ නියුතු දුම්රිය ස්ථානාධිපතිවරු හා සේවකයන් අතරින් සිංහල හා දෙමළ මාධ්‍යයෙන් සේවය කරනු  ලබන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) පළමුවැනි පන්තියේ නිදන මැදිරි සහිතව ධාවනය වන දුම්රිය ගමනාන්තයන් කවරේද;

(ii) යාපනය දක්වා ගමන් කරන දුම්රියවල පළමුවැනි පන්තියේ නිදන මැදිරි නොමැති වීමට හේතුව කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-20

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks