01

E   |     |  

 දිනය: 2018-09-20   පිළිතුර ලබා දී ඇත 

1116/2018: Employees recruited to Central Cultural Fund from 2015

1116/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පාලනය වන පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව කොපමණද;

              (ii)      එම ස්ථානවල නම් එක් එක් දිස්ත්‍රික්කය අනුව සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම ස්ථාන සඳහා 2015 වර්ෂයේ සිට බඳවා ගත්,

(i) ස්ථීර සේවකයන් සංඛ්‍යාව;

(ii) අනියම් සේවකයන් සංඛ්‍යාව;

(iii) කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයන් සංඛ්‍යාව;

(iv) අනියම් සේවකයන්ගෙන් ස්ථීර සේවයට ඇතුළත් කරගන්නා ලද සේවකයන් සංඛ්‍යාව;

(v) කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයන්ගෙන් ස්ථීර සේවයට ඇතුළත් කර ගන්නා ලද  සේවකයන් සංඛ්‍යාව;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම බඳවාගැනීම් රජය විසින් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව  සිදුකර තිබේද;

(ii) මේ වනවිට පවතින සේවක පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න තවදුරටත්  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-20

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks