01

E   |     |  

 දිනය: 2018-10-11   පිළිතුර ලබා දී ඇත 

1107/2018: Injustice caused to applicants serving in SriLankan during the selection of candidates for post of Aeronautical Engineer, Srilankan

1107/’18

ගරු විජිත හේරත් මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2018 වසර සඳහා සී/ස ශ්‍රී ලන්කන් එයාර්ලයින්  ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරු තනතුර සඳහා ඉල්ලුම් පත් කැ‍ඳවනු ලැබුවේද;

  (ii)      එසේ නම්, එම තනතුර සඳහා ලද ඉල්ලුම්පත් සංඛ්‍යාව කොපමණද;

(iii) අදාළ තනතුර සඳහා තෝරාගත් පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඒ සඳහා ඉදිරිපත් වූ 35 දෙනාගෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පැමිණ දැනට  ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය කරනු ලබන අයදුම්කරුවන් තිදෙනාම අසමත් කරන ලද පදනම කවරේද;

(ii) එම තනතුර ලබා දුන් පුද්ගලයන්ගේ සේවා පළපුරුද්ද කොපමණද;

(iii) අවුරුදු පහකටත් වඩා අඩු සේවා කාලයක් ඇති නුපුහුණු පුද්ගලයන්ට එම තනතුර ලබා දීමෙන් අවුරුදු 20 කට වැඩි සේවා කාලයක් හා පළපුරුද්දක් ඇති පුද්ගලයන් හට  ආසාධාරණයක් සිදු වී ඇති බව පිළිගන්නේද;

(iv) මෙම ආසාධාරණයට ලක්වූවන්ට සාධාරණ පදනමක් මත උසස්වීම් ලබා දීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-11

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks