04

E   |     |  

 දිනය: 2018-08-07   පිළිතුර ලබා දී ඇත 

0965/2018: Repairing the Paragasmankada Causeway built by Uva PC

965/’18

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, පරගස්මංකඩ, රදාපොල කෝසුව ඌව පළාත් සභාව විසින් ඉදි කරන ලද්දක්ද;

            (ii)       එම කෝසුව සඳහා වියදම් කළ මුදල කොපමණද;

(iii) එම කෝසුව නියමිත ස්ථානයෙන් බැහැරව වෙනත් ස්ථානයක ඉදිකිරීම හේතුවෙන් එය ඉදිකර මාස හයක් ගත වීමට පෙර කැඩී විනාශ වී යාමෙන්, රුපියල් 1,874,952.44 ක අලාභයක් සිදු වී ඇති බව දන්නේද;

 

 

(iv) ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ගේ (ඉංජිනේරු සේවා) උපදෙස්  නොපිළිපැද, සකස් කරන ලද ඇස්තමේන්තුව අනුව කටයුතු නොකර, රාජකාරිය පැහැර හරිමින් ඉහත කී අලාභය සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරින්ට එරෙහිව ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ පරිදි විනය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

(v) ඔවුන්ගෙන්  මුදල් අය කර ගැනීමට කටයුතු කර තිබේද;

(vi) එසේ නම්, ඊට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-07

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks