04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0964/2018: Competitive Exam to recruit graduates to A grade of the Teaching Service - Injustice done to the candidates for English medium teaching

2284/’17

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා ගුරු සේවයේ 3(1) ශ්‍රේණියට උපාධිධාරින් බඳවා ගැනීම සඳහා   2017 වර්ෂයේ විභාගය පැවති දිනය කවරේද;

            (ii)       ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් පැවති මෙම විභාගය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවති බව පිළිගන්නේද;

(iii) එම නිසා, විභාග අපේක්ෂකයන්ට ඉහත  ඕනෑම භාෂාවකින් පිළිතුරු සැපයිය හැකි වූ බව පිළිගන්නේද;

(iv) ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා සිංහල භාෂාවෙන් පිළිතුරු සැපයූ අපේක්ෂකයන්ට තේරී පත්වීමට අවස්ථාවක් ලබා නොදී තිබේද;

(v) එසේ නම්, සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රයටද ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයිය යුතුයැයි අදාළ විභාගය සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රයේ හෝ වෙනත් ආකාරයකින් පූර්ව දැනුම්දීමක් කර තිබුනේද;

(vi) ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා සිංහල මාධ්‍යයෙන් පිළිතුරු සැපයීම නුසුදුසුකමක් වන්නේ යැයි පූර්ව දැනුම්දීමක් කර නොතිබියදී, සිංහල මාධ්‍යයෙන් පිළිතුරු සැපයූ අපේක්ෂකයන් තෝරා නොගැනීමෙන් අසාධාරණයක් සිදුවී ඇති බව පිළිගන්නේද;

(vii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-21

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks