01

E   |     |  

 දිනය: 2018-07-17   පිළිතුර ලබා දී ඇත 

0961/2018: to Allocate funds from decentralized funds of MP s for provincial teacher training

2187/’17

ගරු ප්‍රසන්න රණතුංග මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ගුරුවරුන් නව දැනුමෙන් පෝෂණය කිරීමට ගුරු පුහුණු වැඩසටහන් ඉවහල් වන බව පිළිගන්නේද;

             (ii)       2015, 2016 සහ 2017 වර්ෂවලදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කලාප හා විෂය මට්ටමින් ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබුවේද;

(iii) එසේ සංවිධානය කළ ගුරු පුහුණු වැඩසටහන් සංඛ්‍යාව, විෂයයන් හා ඊට වැය වූ මුදල, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) 2016.06.06 දිනට බස්නාහිර පළාතේ, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් පාසල අනුව කොපමණද;

(ii) 2015, 2016 සහ 2017 වර්ෂවලදී ඔවුන් පුහුණු කිරීමට පවත්වා ඇති වැඩසටහන් සංඛ්‍යාව සහ ඊට වැය වූ මුදල, එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; 

 

(iii) මේ සඳහා වෙන්කළ මුදල හා ක්‍රියාත්මක කළ ගුරු පුහුණු වැඩසටහන් සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේද;

(iv) ගුරු පුහුණු වැඩසටහන්වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ විමධ්‍යගත අරමුදලින් ප්‍රතිපාදන වෙන් කිරීමට නොහැකි බව දන්නේද;

(v) ජාතික අවශ්‍යතාවයක් සේ සලකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ විමධ්‍යගත අරමුදලින් ගුරු පුහුණු වැඩසටහන්වලට ප්‍රතිපාදන වෙන් කිරීමට හැකිවන පරිදි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-17

අසන ලද්දේ

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks