01

E   |     |  

 දිනය: 2010-10-20   පිළිතුර ලබා දී ඇත 

0606/2010: Cinnomon Cultivation

0606/’10

ගරු හේමාල් ගුණසේකර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2009 වර්ෂයේ මෙරට කුරුඳු වගා කරන ලද හෙක්ටයාර සංඛ්‍යාව කොපමණද;

            (ii)      2007, 2008 සහ 2009 වර්ෂවලදී අපනයනය කරන ලද කුරුඳු මෙට්‍රික්ටොන් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම එක් එක් වර්ෂයේ කුරුඳු අපනයනයෙන් ඉපැයූ ආදායම කොපමණද;

(iv) 2009 වර්ෂයේ දේශීය කුරුඳු අපනයනය ලෝක වෙළඳපොළේ කුරුඳු ඉල්ලුමෙන් කවර ප්‍රතිශතයක්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙරට කුරුඳු නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිති සහතික ලබාගෙන තිබේද;

(ii) නොඑසේ නම්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කුරුඳු නිෂ්පාදනය සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-20

අසන ලද්දේ

ගරු ගරු හේමාල් ගුණසේකර මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks