01

E   |     |  

 දිනය: 2018-08-10   පිළිතුර ලබා දී ඇත 

0580/2018: Dengue epidemic in Kurunegala

580/’18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2010 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම සංඛ්‍යාව, එක් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම කාලසීමාව තුළ ඩෙංගු රෝගයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව හා ඔවුන්ගේ නම් කවරේද;

(iv) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර ඇති සෞඛ්‍ය සේවා බලප්‍රදේශ කවරේද;

(v) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-10

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks