01

E   |     |  

 දිනය: 2018-10-26   පිළිතුර ලබා දී ඇත 

0576/2018: Compensation to agricultural families affected by cultivation losses in the Kurunegala District

576/’18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වගා හානි හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්වී සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;

            (ii)      වන්දි ලබා ගැනීම සඳහා මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයට ඉල්ලුම් කර ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

(iii) එම පවුල් අතරින් දැනට වන්දි  ලබාදී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

(iv) එම පවුල් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එම ගොවි පවුල්  සඳහා කඩිනමින් වන්දි ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-26

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks