බලන්න

04

E   |     |  

 දිනය: 2010-11-23   පිළිතුර ලබා දී ඇත 

0568/2010: Sea Erosion in Puttalam

0568/’10

ගරු නූර්දීන් මෂුර් මහතා,— වරාය හා ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      පුත්තලම දිස්ත්‍රික්කයේ, කන්ඩක්කුලිය, පෙරුම්කඩල් මුහුදුබඩ ප්‍රදේශය විටින් විට සීග්‍ර මුහුදුකෑමට ලක්වන ප්‍රදේශයක් බවත්, එයින් එම ප්‍රදේශයේ ධීවරයින්ගේ නැවතුම් පොළ වන ධීවර වාඩිවලට සහ අවට තිබෙන වෙළඳසැල් ගොඩනැගිලිවලට බලවත් හානි සිදුවන බවත් එතුමා දන්නෙහිද?

(ආ) එම ප්‍රදේශයේ සිදුවන සීග්‍ර මුහුදුකෑම ‍වළකාලීම සඳහා ගත යුතු  කඩිනම් ක්‍රියා මාර්ග  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔස්සේ අප්‍රමාදව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

‍(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-23

අසන ලද්දේ

ගරු නූර්දීන් මෂූර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා ගුවන්සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks