01

E   |     |  

 දිනය: 2018-09-19   පිළිතුර ලබා දී ඇත 

0566/2018: වයඹ පළාත් සභාව යටතේ පාලනය වන පාසල් : ගුරු පුරප්පාඩු

566/’18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වයඹ පළාත් සභාව යටතේ පාලනය වන පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම ගුරු පුරප්පාඩු පිරවීමට පළාත් සභාව ගෙන ඇති පියවර කවරේද;

           (iii)       අද වනවිට වයඹ පළාතේ ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා හා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අතර මතභේදයක් මතු වී තිබෙන බව දන්නේද;

(iv) එම මතභේදය විසඳා පළාතේ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අදාළ විභාගය පැවැත්වීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-19

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2018.07.23 දිනට ගුරු පුරප්පාඩු 2,226කි.

                        (වයඹ පළාත් ලේකම් විසින් දන්වා එවා ඇති පරිදි)

              (ii)      පළාත් ගුරු සේවයට උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීමේ ගැසට් නිවේදනයේ කෙටුම්පත් සකස් කරමින් සිටින බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් විසින් දැනුම් දී ඇත.

(iii) එවැනි මත භේදයක් නොමැති බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් විසින් දැනුම් දී ඇත.

(iv) අදාළ නොවේ.

(ආ) පළාත් සභා විෂය යටතට වැටෙන ගුරු පුරප්පාඩු පිරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අදාළ පළාත් සභාවේ වගකීම වේ.

2,226ක් වන පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විභාග පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වයඹ පළාත් සභාව විසින් ගනිමින් පවතින බව වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් දන්වා ඇත.

ඒ හේතුවෙන් රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාවක් පැන නැඟී නොමැත.

 

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks