බලන්න

04

E   |     |  

 දිනය: 2010-11-23   පිළිතුර ලබා දී ඇත 

0567/2010: Sub Post Office for Thilleiadi

0567/’10

ගරු නූර්දීන් මෂුර් මහතා,— තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      පුත්තලම දිස්ත්‍රික්කයේ තිල්ලෙයියඩි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයක් හෝ උප තැපැල් කාර්යාලයක්‍ නොමැති නිසා එම ප්‍රදේශවාසීන්ට නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවී ඇති  බවත් එතුමා දන්නෙහිද?

(ආ)     එම ජනතාවට තැපැල් කාර්යාලීය අවශ්‍යතාවයන් පහසුවෙන් ඉටු කර ගැනිම පිණිස තිල්ලෙයියඩි ප්‍රදේශය ආවරණය වන පරිදි උප තැපැල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට නොපමාව පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

‍(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-23

අසන ලද්දේ

ගරු නූර්දීන් මෂූර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් හා විදුලි සංදේශ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks