01

E   |     |  

 දිනය: 2018-08-10   පිළිතුර ලබා දී ඇත 

0523/2018: Project on obtaining information of houses for Divisional Secretariats in Hambantota

523/’18

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිවාස ‍තොරතුරු ලබාගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් වෙනුවෙන් නිලධාරින් බඳවාගෙන තිබේද;

             (ii)      එසේ නම්, බඳවාගත් එම එක් එක් නිලධාරියා‍ගේ  නම, ලිපිනය, ග්‍රාම නිලධාරි වසම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කවරේද;

(iii) ඔවුන් බඳවාගෙන ඇත්තේ ස්ථිර පදනමින්ද, අනියම් පදනමින්ද, විශේෂ ව්‍යාපෘති සඳහා පමණක්ද යන්න සඳහන් කරන්නේද;

(iv) ඔවුන්ගේ මාසික වැටුප/දෛනික දීමනාව කොපමණද;

(v) විශේෂ හෝ අනියම් පදනමකින් බඳවාගෙන තිබේ නම්, ඔවුන්ගේ සේවා කාලය ‍කොපමණද;

(vi) එසේ බඳවා ගැනීමට මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේද; 

(vii) එසේ නම්, ඒ කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-10

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks