01

E   |     |  

 දිනය: 2018-08-09   පිළිතුර ලබා දී ඇත 

0522/2018: Trade Deficit, Current Account Deficit and Other economic indicators

522/’18

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂයේ හිඟය කොපමණද;

             (ii)      ඛනිජ තෙල් හා රත්‍රන් ආනයනයට වැය කර ඇති මුදල කොපමණද;

           (iii)      2016 වර්ෂයේ තේ හා කුළුබඩු අපනයන ආදායම කොපමණද;

(iv) තේ හා කුළුබඩු ආදායම වැඩිකර ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍ර දිරිමත් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ජංගම ගිණුමේ හිඟය රුපියල් මිලියන කොපමණද;

(ii) සේවා ගිණුම හා ද්විතීයික ආදායම් මත වූ ශුද්ධ ලැබීම් ශේෂය කොපමණද;

(iii) සේවා ගිණුමෙහි ප්‍රවර්ධනයන් සඳහා සංචාරක කර්මාන්තය දිරිගැන්වීමට ලබා දී ඇති ප්‍රභවයන් කවරේද;

(iv) විදේශ රැකියාවල නිරත පිරිස් වෙතින් ලැබෙන ප්‍රේෂණ දිරිගැන්වීම සඳහා  යෝජිත පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-09

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks