01

E   |     |  

 දිනය: 2018-07-04   පිළිතුර ලබා දී ඇත 

0518/2018: Compensation for pedestrians and trishaw drivers who face accidents

518/’18

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මාර්ග අනතුරුවලින් මියයන හෝ තුවාල ලබන මගීන් හා පදිකයන් වෙනුවෙන් වන්දි ලබා දීමක් සිදු වන්නේද;

             (ii)        එසේ නම්, එම වන්දි ලබා දීම වෙනුවෙන් 2017 වර්ෂයට වෙන් කළ මුදල කොපමණද;

(iii) එම වන්දි ලබා දීමේදී පාදක කර ගනු ලබන කරුණු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ත්‍රීරෝද රථ අනතුරකින් මියයන ත්‍රීරෝද රථ රියදුරන් වෙනුවෙන් ලබා දෙන වන්දි සඳහා 2017 වර්ෂයට වෙන් කළ මුදල කොපමණද;

(ii) 2017 වර්ෂයේ මැද භාගය වනවිට වන්දි ලැබීමට සුදුසුකම් ලැබූ පිරිස කොපමණද;

(iii) 2017 වර්ෂයේ මැද භාගය වනවිට වන්දි ලබා දුන් පිරිස කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-04

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks