01

E   |     |  

 දිනය: 2018-06-22   පිළිතුර ලබා දී ඇත 

0517/2018: Development of Sunday Schools and funds allocated

517/’18

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දිවයින තුළ ‍දහම් පාසල් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

            (ii)       දහම් පාසල් සංවර්ධනය සඳහා ස්ථාපිත කළ අරමුදලේ ඇති මුදල් ප්‍රමාණය කොපමණද;

           (iii)       එම අරමුදල තර කිරීම සඳහා 2017 අයවැයෙන් වෙන් කළ මුදල කොපමණද;

(iv) දහම් පාසල් ගුරුවරුන් සිදු කරනු ලබන ගරු සේවය දිරිගැන්වීම, අගය කිරීම හා ගුරුවරුන් එම පද්ධතිය තුළ රඳවා ගැනීම සඳහා රජය සිදු කරනු ලබන  ප්‍රවර්ධනයන් කවරේද;

(v) ඉරිදා දින උදේ වරුවේ උපකාරක පංති පැවැත්වීම, දරුවන් දහම් පාසල් අධ්‍යාපනයට යොමු වීමට බරපතල බාධකයක් වන බැවින්, එම තත්ත්වය පාලනය කිරීමට හා වැළැක්වීමට ගනු ලබන නව පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-22

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks