කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව, ගරු අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ රැස්වීමක් කැඳවීමේ නිවේදනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් කියවනු ලැබීය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
3 : ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
4 : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
5 : වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව යටතේ, ඉදිරිපත් කරනු ලබන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පස්වැනි වාර්තාව.
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXI (21) කොටස;
• 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXIII (23) කොටස;
• 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVIII (68) කොටස;
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXIX (29) කොටස; සහ
• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXIV (34) හා XXXV (35) කොටස්, තෙවැනි කාණ්ඩයේ XXIII (23) හා XXIV (24) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXI (21) හා XXII (22) කොටස්
(iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXV (25) කොටස; සහ
• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXVII (27), XXVIII (28), XXIX (29), XXX (30), XXXI (31), හා XXXII (32) කොටස්, සිව්වැනි කාණ්ඩයේ XIV (14), XV (15), XVI (16), XVII (17) හා XVIII (18) කොටස්, පස්වැනි කාණ්ඩයේ IV (4), V (5), VI (6), හා VII (7) කොටස් සහ හයවැනි කාණ්ඩයේ XVIII (18), XIX (19), XX (20), XXI (21), XXII (22), XXIII (23) හා XXIV (24) කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2026 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16(4) (අ), (ආ), (ඇ) සහ (ඈ) වගන්ති යටතේ ලේඛනය.
(ii) 2022 සහ 2023 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා.
(iii) 2023 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(v) (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 151 වගන්තිය සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ එවකට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 සැප්තැම්බර් 04 දිනැති අංක 2452/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(vi) (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වගන්තිය සමඟ කියවිය යුතු 141, 143, 144, 157අ, 168 සහ 190 වගන්ති යටතේ එවකට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 සැප්තැම්බර් 25 දිනැති අංක 2455/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(vii) 2023 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.
(viii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(ix) 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61 වගන්තිය යටතේ එවකට ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 පෙබරවාරි 15 දිනැති අංක 2371/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(x) 1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනතේ 29 වගන්තිය යටතේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 මාර්තු 19 දිනැති අංක 2428/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(xi) (129 අධිකාරය වූ) සාප්පු සහ කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ) පනතේ 66 වගන්තිය යටතේ කම්කරු අමාත්‍යවරයා විසින් 2025 දෙසැම්බර් 12 දින සාදන ලද නියෝගය.
(xii) 2024 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xiii) 2024 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තා හතක්, එම කාරක සභාවේ සභාපති, ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු රවී කරුණානායක මහතා
වාණිජ සහ වාණිජ නොවන ණය පිළිබඳ විස්තර සහ ගැටළු
අමාත්‍යාංශ නිවේදන
සංචාරක කර්මාන්තයේ ගැටළු සම්බන්ධයෙන් 2025.06.04 දින ගරු දිලිත් ජයවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) අධිකරණ සංවිධාන (සංශෝධන) - 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) - (218 වන අධිකාරය වූ) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
නමැති පනත් කෙටුම්පත් ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
කල් තැබීමේ යෝජනාව
“අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වත්මන් තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 දෙසැම්බර් මස 19 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-05-22
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 106 සහ 78(ආ) වගන්ති සමඟ කියවිය යුතු 105 වගන්තිය යටතේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් සාදන ලදුව, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති. (ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, මාතලේ, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, බදුල්ල, මොනරාගල, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. (iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බලශක්ති අමාත්‍යාංශය (විදුලිබල අංශය) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා‘සෙස්’ බද්ද සහ දේශීය කර්මාන්ත පිළිබඳ ගැටළු(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම පිළිබඳ ගැටළුගරු මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අමාත්‍යාංශ නිවේදනඅනාගත සයිබර් යුද්ධ සහ සංවිධානාත්මක සයිබර් අපරාධවලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් 2026.05.19 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වෙනුවෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ගරු එරංග වීරරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය. ශෝක ප්‍රකාශ යෝජනාපහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:- (i) අභාවප්‍රාප්ත ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා(ii) අභාවප්‍රාප්ත ගරු එස්. සී. මුතුකුමාරණ මහතා(iii) අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රදාස ගලප්පත්ති මහතා(iv) අභාවප්‍රාප්ත ගරු නන්දන ගුණතිලක මහතා(v) අභාවප්‍රාප්ත ගරු ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා(vi) අභාවප්‍රාප්ත ගරු ටී. කනගසබෙයි මහතාසභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය 1629 ට 2026 ජුනි මස 9 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-05-21
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් (ගැරන්ටි) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 සැප්තැම්බර් 22 දිනැති අංක 2455/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ නාගානන්ද ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ෆො බුඩිස්ට් ස්ටඩීස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 සැප්තැම්බර් 22 දිනැති අංක 2455/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 ඔක්තෝබර් 13 දිනැති අංක 2458/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු චතුරංග අබේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා (iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා (iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. එම්. තාහිර් මහතා (v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු රවී කරුණානායක මහතාපුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටළුගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් සහ අනෙකුත් පුද්ගලයින්පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්“අල්-හාෂිමි සංගමය (සංස්ථාගත කිරීමේ)”නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කබීර් හෂීම් මහතාට අවසර දෙන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතු පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 12 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක්(ii) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් නවයක්කල් තැබීමේ යෝජනාව“කඳුකර ජනතාවගේ ගැටළු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1742 ට 2026 මැයි මස 22 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-05-20
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව2 : වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න සඳහා මාර්ගෝපදේශය ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2024 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.(ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ සබරගමුව පළාත් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා.(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කම්කරු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iv) 2017 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව.(v) 2017 වර්ෂය සඳහා සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්ප කුමාර මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා (iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතා (iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)කල් තැබීමේ යෝජනාව“2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1747 ට 2026 මැයි මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-05-19
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : “මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය3 : “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමA. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LII (52) හා LIII (53) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXVII (37) හා XXXVIII (38) කොටස්B. (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව• 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVIII (28) කොටස; • 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVI (26) කොටස සහ හයවැනි කාණ්ඩයේ XXX (30) කොටස; • 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVI (26) කොටස සහ හයවැනි කාණ්ඩයේ XXVI (26) කොටස; සහ • 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ I (1) කොටස(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ 2024 ජුනි 30 දිනට ලියාපදිංචි බදු ගෙවන්නන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු වූ හිඟ බදු, දඩ හා පොලී මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2025 වර්ෂයේ තුන්වන සහ හතරවන කාර්තු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව.(ii) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම්.(iii) 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 5 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 පෙබරවාරි 24 දිනැති අංක 2477/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.(iv) 2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 03 දිනැති අංක 2478/05 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.(v) සංශෝධිත පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 මාර්තු 03 දිනැති අංක 2478/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.(vi) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 03 දිනැති අංක 2478/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.(vii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (viii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (ix) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (x) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව.(xi) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xii) 2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යොන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනතේ 2 වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 05 දිනැති අංක 2470/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.(xiii) 2023 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව.(xiv) 2023 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වාර්ෂික වාර්තාව.පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම(i) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ඉඩම් සංවර්ධන (සංශෝධන)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.(ii) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "කෝදාගොඩ ගුණරතන නාහිමි පදනම (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.කාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ තාවකාලික සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා (iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා (iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා (v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු සජිත් ප්‍රේමදාස මහතාරටේ ආර්ථික තත්ත්වය සහ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සඳහා විසඳුම්ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii) ගරු රවී කරුණානායක මහතාඅනාගත සයිබර් යුද්ධ සහ සංවිධානාත්මක සයිබර් අපරාධවලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවරඅමාත්‍යාංශ නිවේදන‘සේවක අර්ථසාධක අරමුදල යටතේ එකවර මුදල් ආපසු ගැනීම මාසික විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමේ යෝජනාව’ සහ ‘රජයේ නිල සංචිත සම්බන්ධයෙන් මහ බැංකුවේ නව චක්‍රලේඛය’ සම්බන්ධයෙන් 2026.01.22 සහ 2026.02.18 යන දිනවල ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීම2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ“එකතු කළ අගය මත බදු (සංශෝධන)”නමැති පනත් කෙටුම්පත ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුදේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1758 ට 2026 මැයි මස 20 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.