E   |     |  

2026-05-20

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2026 මැයි මස 20 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
2 : වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න සඳහා මාර්ගෝපදේශය     


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ සබරගමුව පළාත් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා.
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කම්කරු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iv)    2017 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව.
(v)    2017 වර්ෂය සඳහා සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වාර්ෂික වාර්තාව.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්ප කුමාර මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා    
                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


කල් තැබීමේ යෝජනාව

“2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1747 ට 2026 මැයි මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.




සම්බන්ධිත පුවත්

2026-05-22

2026 මැයි මස 22 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 106 සහ 78(ආ) වගන්ති සමඟ කියවිය යුතු 105 වගන්තිය යටතේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් සාදන ලදුව, 2026 මාර්තු 12 දිනැති අංක‍ 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති. (ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, ම‍ාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, මාතලේ, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, බදුල්ල, මොනරාගල, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. (iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බලශක්ති  අමාත්‍යාංශය (විදුලිබල අංශය) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා     (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා      (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා‘සෙස්’ බද්ද සහ දේශීය කර්මාන්ත පිළිබඳ ගැටළු(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම පිළිබඳ ගැටළුගරු මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අමාත්‍යාංශ නිවේදනඅනාගත සයිබර් යුද්ධ සහ සංවිධානාත්මක සයිබර් අපරාධවලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් 2026.05.19 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වෙනුවෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ගරු එරංග වීරරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය. ශෝක ප්‍රකාශ යෝජනාපහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:- (i)    අභාවප්‍රාප්ත ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා(ii)    අභාවප්‍රාප්ත ගරු එස්. සී. මුතුකුමාරණ මහතා(iii)    අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රදාස ගලප්පත්ති මහතා(iv)    අභාවප්‍රාප්ත ගරු නන්දන ගුණතිලක මහතා(v)    අභාවප්‍රාප්ත ගරු ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා(vi)    අභාවප්‍රාප්ත ගරු ටී. කනගසබෙයි මහතාසභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය  1629 ට 2026 ජුනි මස 9 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-05-21

2026 මැයි මස 21 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් (ගැරන්ටි) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 සැප්තැම්බර් 22 දිනැති අංක 2455/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (ii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ නාගානන්ද ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ෆො බුඩිස්ට් ස්ටඩීස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 සැප්තැම්බර් 22 දිනැති අංක 2455/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (iii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 ඔක්තෝබර් 13 දිනැති අංක 2458/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු චතුරංග අබේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. එම්. තාහිර් මහතා                    (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු රවී කරුණානායක මහතාපුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටළුගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් සහ අනෙකුත් පුද්ගලයින්පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්“අල්-හාෂිමි සංගමය (සංස්ථාගත කිරීමේ)”නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කබීර් හෂීම් මහතාට අවසර දෙන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතු පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 12 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- (i)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක්(ii)    විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් නවයක්කල් තැබීමේ යෝජනාව“කඳුකර ජනතාවගේ ගැටළු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1742 ට 2026 මැයි මස 22 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-05-19

2026 මැයි මස 19 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : “මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය3 : “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමA.    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LII (52) හා  LIII (53) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXVII (37) හා   XXXVIII (38)  කොටස්B.    (i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVIII (28) කොටස; •    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVI (26) කොටස සහ හයවැනි කාණ්ඩයේ XXX (30) කොටස;  •    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVI (26) කොටස සහ හයවැනි කාණ්ඩයේ XXVI (26) කොටස; සහ •    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ I (1) කොටස(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ 2024 ජුනි 30 දිනට ලියාපදිංචි බදු ගෙවන්නන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු වූ හිඟ බදු, දඩ හා පොලී මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2025 වර්ෂයේ තුන්වන සහ හතරවන කාර්තු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම්.(iii)    2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 5 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 පෙබරවාරි 24 දිනැති අංක 2477/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.(iv)    2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 03 දිනැති            අංක 2478/05 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.(v)    සංශෝධිත පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 මාර්තු 03 දිනැති අංක 2478/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.(vi)    2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 03 දිනැති අංක 2478/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (viii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාල‍ය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (ix)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (x)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව.(xi)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xii)    2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යොන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනතේ 2 වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 05 දිනැති අංක 2470/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.(xiii)    2023 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව.(xiv)    2023 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වාර්ෂික වාර්තාව.පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම(i)    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ඉඩම් සංවර්ධන (සංශෝධන)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.(ii)    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "කෝදාගොඩ ගුණරතන නාහිමි පදනම (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.කාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ තාවකාලික සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම්  මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා                    (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා                   (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාරටේ ආර්ථික තත්ත්වය සහ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සඳහා විසඳුම්ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු රවී කරුණානායක මහතාඅනාගත සයිබර් යුද්ධ සහ සංවිධානාත්මක සයිබර් අපරාධවලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවරඅමාත්‍යාංශ නිවේදන‘සේවක අර්ථසාධක අරමුදල යටතේ එකවර මුදල් ආපසු ගැනීම මාසික විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමේ යෝජනාව’ සහ ‘රජයේ නිල සංචිත සම්බන්ධයෙන් මහ බැංකුවේ නව චක්‍රලේඛය’ සම්බන්ධයෙන් 2026.01.22 සහ 2026.02.18 යන දිනවල ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීම2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ“එකතු කළ අගය මත බදු (සංශෝධන)”නමැති පනත් කෙටුම්පත ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුදේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1758 ට 2026 මැයි මස 20 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-05-08

2026 මැයි මස 8 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ගරු කථානායකතුමා විසින් පිළිගැනීමේ කථාවකථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක අතිගරු ටෝ ලාම් මැතිතුමා පිළිගන්නා ලදී. වියට්නාම සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටෝ ලාම් මැතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව ඇමතීමවියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ටෝ ලාම් මැතිතුමා විසින් අද දින පෙ.ව. 11.40 ට සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතන ලදී.ස්තුති කථාඅග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්තුති කථා පවත්වන ලදී.ගරු කථානායකතුමා විසින් ප.ව. 1.30 වන තෙක් රැස්වීම තාවකාලිකව අත්හිටවනු ලැබීය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVIII (48) කොටස; •    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVI (56) කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXI (31) කොටස; සහ•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIX (49), L (50) හා LI (51) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXVI (36) කොටස(ii)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ    41උ (1) ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හයවැනි වාර්තාවකාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් එහි සාමාජික, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 2, 3, 4, 6 සහ 7 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:- •    ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීමශ්‍රී ලංකාවේ ඕනෑම ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ Z-අගය මත පදනම් නොවී ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවශ්‍ය නෛතික හා උසස් අධ්‍යාපනික ව්‍යුහය රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීමශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල රාමුවෙන් බැහැරව, රැකියා වෙළඳපොළ හා වෘත්තීය තාක්ෂණය ඉලක්ක කොටගත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලා පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පා‍ර්ලිමේන්තුව යෝජනා කරයි.•    සංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන ගැටළු විසඳීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීමසංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන පහරදීම, පැහැර ගැනීම, ස්ත්‍රී දූෂණය, ලිංගික අපයෝජනය, මනුෂ්‍ය ඝාතනය හා මූල්‍ය වංචා ඇතුළු ගැටළු පිළිබඳව සොයා බැලීමට සහ බලපෑමට ලක් වූ සේවකයින්හට ශ්‍රී ලංකාවට ආරක්ෂිතව නැවත පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමට නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    මහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීමවර්තමානයේ අප සමාජයේ බොහෝ පිරිස් මහාචාර්ය, ආචාර්ය වැනි තනතුරු හා නාමයන් අවභාවිත කරන හෙයින් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ‍විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා වැඩසටහනක් සකස් කිරීමට රජය විසින් අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    ෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශ්‍රවල‍ට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීමවි‍‍ශේෂයෙන්ම ඌව පළාත ඇතු‍ළුව කඳුකර ප්‍රදේශවල වගා කර ඇති ෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශවල‍ට සහ පරිසරයට සිදුවන හානිය පිළිබඳව සලකා බලා ඒවා ඉවත් කර ප්‍රයෝජනවත් දේශීය වගාවන් සිදු කිරීමට ක්‍රමවේදයක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    තරුණ දරුවන් විසින් සිය දිවි හානි කර ගැනීම වළක්වා ගැනීමපසුගිය කාලය තුළ සෑම පාසලකම උපදේශනය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම උපදේශන අංශයක් පිහිටුවීම, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම උපදේශන ඒකකයක් පිහිටුවීම, රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපදේශන ඩිප්ලෝමා පාඨමාලා, උපාධි පාඨමාලා, පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වීම, මානසික අවපීඩන තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා සෑම ප්‍රධාන රෝහලකම මානසික වෛද්‍ය ඒකක පිහිටුවීම ආදිය මඟින් තරුණ දරුවන් සිය දිවි හානි කර ගැනීම වළක්වා ගැනීම‍ට ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති හෙයින් දේශපාලන අධිකාරිය, රජයේ නිලධාරින්, විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය සහ මහජනතාව එකී ක්‍රියාමාර්ග කෙරෙහි ගැඹුරින් මැදිහත් විය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1716 ට 2026 මැයි මස 19 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks