පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්ව සැබෑ උද්යෝගයකින් තෛපොංගල් උත්සවය සැමරීම තුළින් මනුෂ්‍යත්වයේ සැබෑ සුන්දරත්වයත් එකම ශ්‍රී ලාංකේය ජාතියක එකමුතුකමත් පිළිබිඹු කරන බව ගරු කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා පැවසීය. රටකට දියුණු විය හැක්කේ එහි ජනතාව සිය සංස්කෘතික විවිධත්වය රැකගනිමින් එකම ජාතියක් ලෙස පෙනී සිටින විට පමණක් බවත් කථානායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
පසුගිය 15 වන දිනට යෙදුණු තෛපොංගල් දිනය සැමරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (ජන. 21) පැවති තෛපොංගල් උත්සවයට එක්වෙමින් ගරු කථානායකවරයා මේ බව පැවසීය .
මෙහිදී පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළේ තෛපොංගල් උත්සවය හුදෙක් උත්සවයක් පමණක් නොව, ශ්‍රී ලාංකිකයන් කෘෂිකර්මාන්තය සහ සොබාදහම කෙරෙහි දක්වන ගැඹුරු ගෞරවයේ වැදගත් සැමරුමක් බවයි. රට වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විවිධ ආගමික හා සංස්කෘතික පසුබිම් සහිත ප්‍රජාවකින් යුතු බවත් බවත් ඇය පෙන්වා දුන්නාය. විවිධත්වයක් සහිත සංස්කෘතික උරුමයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව එකමුතුකමින් මෙවැනි සැමරුම් සංවිධානය කිරීම සුවිශේෂී අවස්ථාවක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතාගේ ඉල්ලීම අනුව ගරු කථානායකතුමාගේ මඟ පෙන්වීම යටතේ මෙම සැමරුම සංවිධානය කර තිබිණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමග එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදී.
දෙමළ සංස්කෘතිය පිළිබඳ දැනුවත්භාවය සහ වටිනාකම් ප්‍රවර්ධනය කිරීම, දෙමළ ප්‍රජාවේ උරුමයන් සහ සම්ප්‍රදායන්ට ගරු කිරීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය තුළ ජාතික අනන්‍යතාවයක් පෝෂණය කිරීම ඇතුළු ප්‍රධාන අරමුණු කිහිපයක් ඔස්සේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.
ඒ අනුව, අද උදෑසන ආගමික චාරිත්‍ර වාරිත්‍ර සමඟ ආරම්භ තෛපොංගල් උත්සවය දමිල සංස්කෘතික නැටුම් ගැයුම්වලින් අලංකෘත විය. මෙම උත්සවය අලංකාර කෝලම් රටාවන් සහ හින්දු ආගමික සැරසිලිවලින් වර්ණවත් වූ අතර සෞභාග්‍ය සහ කෘතඥතාව පිරිනැමීම සංකේතවත් කිරීම සඳහා සාම්ප්‍රදායික පොංගල් බත සකස් කිරීම සිදුවිය විය.
මෙම අවස්ථාවට මයුරපති කෝවිලේ හින්දු ආගමික පූජකවරු ද නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක, ගරු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ගරු ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් ගරු. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීහු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
එසේම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks