පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4904/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2013 වර්ෂයේදී වැලිසර, ශ්‍රී ලංකා නාවික හමුදා රෝහලට ජපානයේ නිෂ්පාදිත විකිරණ යන්ත්‍රයක් මිලදී ගනු ලැබුවේද;
(ii) එසේ නම්, එය මිලදී ගත් දිනය කවරේද;
(iii) ඊට වැය කළ මුදල කොපමණද;
(iv) එය ගෙන්වන ලද සමාගමේ නම කවරේද;
(v) එම යන්ත්‍රය නාවික හමුදා රෝහලට භාර ගැනීමට පෙර තත්ත්ව පරීක්ෂාවකට භාජනය කර අනුමතිය ගෙන තිබුණේද;
(vi) එසේ නම්, එම අනුමතිය ලබාදුන් අයගේ නම් හා තනතුරු කවරේද;
(vii) විකිරණ යන්ත්‍රය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ සමාගම සමඟ වගකීමකට බැඳී තිබුණේද;
(viii) එසේ නම්, එම වගකීම් කාල සීමාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වන විට ඉහත සඳහන් යන්ත්‍රය ක්‍රියාකාරී තත්ත්වයෙන් පවතින්නේද;
(ii) නොඑසේ නම්, එය අක්‍රිය වූ දිනය කවරේද;
(iii) එම යන්ත්‍රය වගකීම් කාල සීමාව තුළදී අක්‍රිය වී ඇත්නම්, අදාළ සමාගම මගින් එය නොමිලේ අලුත්වැඩියා කර ගැනීමට හැකියාව තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) එම යන්ත්‍රය මිලදී ගැනීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුවී තිබේද;
(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-24
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2013.05.01.
(iii) මිල, රක්ෂණ, ගැල් කුලිය සහිත පිරිවැය ඇ.ඩො. 400,000.00කි. භාණ්ඩ මිල දී ගැනීම සඳහා 2013.03.11 වන දින ණයවර ලිපියක් විවෘත කළ අතර, 60%ක් නාවික ලියවිලි ඉදිරිපත් කිරීම මත සහ 40%ක් භාණ්ඩ බාර ගැනීමෙන් පසු මුදල් පියවීම මත සිදු වේ. දැනට ගෙවා ඇති වටිනාකම ඇ.ඩො. 240,000.00 (මුළු වටිනාකමින් 60%කි).
(iv) විදේශ සැපයුම්කරු - M/s Hitachi Medical Systems (S) (Pte.) Limited
දේශීය යෝජිත - M/s Delmege Forsyth & Company Limited
(v) මෙම යන්ත්‍රය නාවික හමුදාව වෙත භාර ගැනීමට පෙර තත්ත්වය පරීක්ෂණයට භාජනය කර ඇති අතර, එය තත්ත්ව පරීක්ෂණයෙන් අසමත් වී ඇත.
(vi) මෙම යන්ත්‍රය තත්ත්ව පරීක්ෂණයෙන් අසමත් වූ අතර, ඒ සඳහා සහභාගි වූ තත්ත්ව පරීක්ෂණ මණ්ඩලයේ සාමාජික නිලධාරින් පහත සඳහන් වේ.
(1) වෛද්‍ය කොමදෝරු (ද) ඩී.එව්. කුලරත්න මහතා
දන්ත වෛද්‍ය (ශ්‍රීලංනාහ) වසර 22ක සේවා පළපුරුද්ද.
(2) කපිතාන් (විදුලි) ජේ.යූ. ගුණසීල මහතා ශ්‍රීලංනාහ - විදුලි ඉංජිනේරුවරයෙකු වශයෙන් වසර 20ක පළපුරුද්ද.
(3) වෛද්‍ය කොමාන්ඩර් එස්.එම්.එන්. චන්ද්‍රගුප්ත මහතා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය (ශ්‍රීලංනාහ) ලෙස වසර 10ක පළපුරුද්ද.
(vii) ඔව්.
(viii) නාවික හමුදාව විසින් භාණ්ඩය භාර ගත් දින සිට වසර 02ක කාල සීමාවක් සඳහා පූර්ණ වගකීම් කාලයක් ලබා දී ඇත. තවද, අදාළ වසර 02ක කාලය අවසන් වූ පසු තවත් වසර 05ක නඩත්තු ගිවිසුමකටද එළඹ ඇත.
(ආ) (i) යන්ත්‍රය ක්‍රියාකාරී තත්ත්වයේ පවතී. නමුත්, තත්ත්ව පරීක්ෂණයේදී හඳුනා ගත් විෂමතාවන් නිවැරදි කර නොමැති බැවින් යන්ත්‍රය භාවිතයට ගෙන නොමැත.
(ii) යන්ත්‍රය භාවිතයට ගෙන නොමැත.
(iii) යන්ත්‍රය අක්‍රිය වී නොමැත. තත්ත්ව පරීක්ෂණයේදී යන්ත්‍රය නාවික හමුදාවේ පිරිවිතරයන්ට අනුකූල නොවූ බැවින් හඳුනා ගත් විෂමතාවන් නිවැරදි කරන ලෙස අදාළ සමාගම දැනුවත් කර ඇති අතර, මේ සඳහා අදාළ සමාගම එකඟතාව පළ කර ඇත.
(ඇ) (i) නැත.
(ii) අදාළ නැත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks