01

E   |     |  

 දිනය: 2013-12-07   පිළිතුර ලබා දී ඇත 

3744/2013: ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමතුලිතතාව : දුරලීම

3744/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ස්ත්‍රීන්ට ‍එරෙහි සියලුම ආකාරයේ වෙනස්කම් දුරුකිරීමේ ජාත්‍යන්තර සම්මුතිය (CEDAW) සහ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ වූ ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තිය යනාදී ජාත්‍යන්තර සහ දේශීය සම්මුති ගණනාවක් පවතින බවත්;

  (ii)  අදාළ සම්මුති ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඒවාට අත්සන් තබා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ අසමතුලිතභාවයක් (Gender inequality) පවතින බව පිළිගන්නේද;

  (ii)  මෙම තත්ත්වය දුරලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?        

 

අසන ලද දිනය

2013-12-07

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       ඔව්. මේ සම්මුතියේ වගන්ති  තිහටම අපේ වාගේ රටකට එකඟ වෙන්න බැහැ. ගරු කථානායකතුමනි, ලෝකයේ බොහෝ රටවල්, ඒ රටවල ආගමට, ඒ වාගේම සංස්කෘතියට පටහැනිව තිබෙන කිසිම දෙයකට එකඟ වෙලා නැහැ. අපේ රටේත් ඒ ආකාරයට රටට හානියක් වන, සංස්කෘතියට ජාතීන්ට ආගම්වලට හානියක් වන ආකාරයේ කරුණුවලට හැර අනෙක් ඒවාට එකඟ වෙලා තිබෙනවා.

(ආ)  (i)  අපේ රටේ ඒක විද්‍යාමාන වෙලා නැහැ. අනෙක් රටවල් එක්ක සංසන්දනය කරලා බලන කොට අපේ රටේ යම්කිසි සතුටුදායක තත්ත්වයක් තිබෙනවා.

       (ii)  ඔව්. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් තිබෙනවා, ගරු කථානායකතුමනි. ඔබතුමාගේ අවසරය ඇතිව  මම එය  සභාගත* කරනවා.

(ඇ)  පැන නොනඟී.

 

*  පුස්තකාලයේ තබා ඇත.

*  நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.

*  Placed in the Library.

 

පිළිතුරු දුන් දිනය

2013-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks