පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3143/’12
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හතලිස් තුන් ලක්ෂයක් පමණ වන පාසල් සිසුන් අතරින් උසස් අධ්‍යාපනය සඳහා වරම් ලබන ප්‍රතිශතය කොපමණද;
(ii) ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව එම ප්‍රතිශතය අවම මට්ටමක පවතින බව පිළිගන්නේද;
(iii) අධ්‍යාපනය වෙනුවෙන් 2012 වර්ෂය හැර පසුගිය වර්ෂ විස්සක කාලය තුළ යෙදවූ මුදල ඒ ඒ වර්ෂවල දළ දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) 2012 වර්ෂය තුළ අධ්‍යාපනය වෙනුවෙන් රජය වෙන්කළ මුදල දළ දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) පාසල් අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම මේ වනවිට සාමාන්‍යයෙන් පවතින ක්‍රියාවලියක් බවත්;
(ii) එයට හේතුව රජය අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් නොකිරීම බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-19
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) යම් අධ්‍යාපන මට්ටමක් සඳහා - ISCED Level - වරම් ලබන අනුපාතය අන්තර්ජාතිකව සන්සන්දනය කිරීමේ සම්මත ක්‍රමය වන්නේ එම මට්ටම සඳහා දළ ඇතුළත් වීමේ අනුපාතය - GER - Gross Enrolment Ratio ගණනය කර සන්සන්දනය කිරීමයි. ඒ අනුව ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමේ ප්‍රතිශතය 15යි.
(ii) නැත. යුනෙස්කෝ දත්ත උපයෝගී කර ගෙන සකස් කළ දකුණු ආසියානු රටවල උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වන ශිෂ්‍ය ප්‍රතිශතය මම මේ ගරු සභාවට දක්වනවා.
|
රට |
උසස් අධ්‍යාපනය සඳහා වරම් ලබන ප්‍රතිශතය |
|
ශ්‍රී ලංකාව |
15 |
|
බංග්ලා දේශය |
11 |
|
ඉන්දියාව |
18 |
|
පාකිස්තානය |
05 |
|
නේපාලය |
තොරතුරු නැත |
|
භූතානය |
7 |
|
මාලදිවයින |
13 |
සාර්ක් කලාපීය රටවල් සමඟ සැසඳීමේදී දැවැන්ත රටක් වන ඉන්දියාවේ එම ප්‍රමාණය සියයට 18ක් වන විට අපේ රටේ එම ප්‍රමාණය සියයට 15ක මට්ටමක තිබෙනවා. සාර්ක් කලාපයේ අනෙක් සියලුම රටවලට වඩා ඉහළ මට්ටමක තමයි ලංකාවේ උසස් අධ්‍යාපනයට ඇතුළත් වීමේ ප්‍රතිශතය තිබෙන්නේ.
(iii) සාමාන්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද වියදම ඇමුණුම 01හි සඳහන් කර ඇත. ඊට අමතරව ඇමුණුම 02හි සඳහන් ශීර්ෂ යටතේ අධ්‍යාපනය සඳහා අදාළ වියදම් රජය මඟින් විවිධ අමාත්‍යාංශ යටතේ කරනු ලැබේ. ඇමුණුම් සභාගත* කරමි.
(iv) ඇමුණුම 01හි සහ ඇමුණුම 02හි මුළු අධ්‍යාපන වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2.28ක් වේ.
මුළු දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය වශයෙන් සාමාන්‍ය අධ්‍යාපනය සඳහා පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙන් කරන ලද ප්‍රතිශතය 2.28යි.
(ආ) (i) නැහැ. පාසල් අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම සාමාන්‍යයෙන් පවතින ක්‍රියාවලියක් නොවේ. මේ සම්බන්ධව දැඩි පරිපාලනයක් ඇති කිරීම සඳහා පහත සඳහන් චක්‍රලේඛ මඟින් විදුහල්පතිවරුන් වෙත තරයේ උපදෙස් නිකුත් කර ඇත.
|
චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය |
|
2013/11 |
2013.03.13 |
|
2012/19 |
2012.05.29 |
|
2008/41 |
2008.11.03 |
|
2008/35 |
2008.09.15 |
|
2008/17 |
2008.04.30 |
|
82/2 |
1982.03.30 |
|
57/75 |
1975 |
ඒ සඳහා නිකුත් කරපු චක්‍රලේඛවල සියලු අංක තිබෙනවා. ඕනෑම දෙමව්පියකුට පාසලකට කිසිම මුදලක් ගෙවන්න බැහැ කියලා ග්‍රාම නිලධාරී සහතිකය සමඟ විදුහල්පතිට ලියුමක් දුන්නොත් කිසිම දරුවකුගෙන් මුදල් අය කරන්න බැහැ. මුදල් අය කරන එක තහනම්. ඒ නිසා ඕනෑම කෙනකුට පුළුවන් කිසිදු ගාස්තුවක් -පහසුකම් ගාස්තු හෝ- නොගෙවා ඉන්න.
(ii) සමහර ඒවාට අපි මුදල් වෙන් කරන්නේ නැහැ. Cricket coachලා ගැනීම, swimming pools හැදීම ආදිය සඳහා යන වියදම් දරන්න පාසල්වලට මුදල් වෙන් කරන්නේ නැහැ. ආදි ශිෂ්‍යයන්, සුභ පතන්නන් හා වෙනත් අය විසින් ඒ වියදම් දරනවා. එවැනි සුභ පතන්නන්ට, ආධාර කරන අයට ආධාර දෙන්න අපි ඉඩ දීලා තිබෙනවා. ඒක ලංකාවේ ඉතිහාසය පුරාම පැවැති සම්ප්‍රදායයි. ඒක මට වෙනස් කරන්න බැහැ. පහත සඳහන් ශීර්ෂ යටතේ අධ්‍යාපනය සඳහා අදාළ වියදම් පාසල් සංවර්ධන සමිතිය විසින් දරනු ලබනවා. මෙයින් විශාල කොටසක් සුභ පතන්නන්ගෙන් හා විවිධ අනුග්‍රාහකයන්ගෙන් ලැබෙනවා.
|
අනු අංකය |
පාසල |
වාර්ෂික වියදම රුපියල් |
|
|
|
|
ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා |
වෙනත් විෂය බාහිර කටයුතු |
|
01 |
ආනන්ද විද්‍යාලය |
4,318,800.00 |
5,367,312.00 |
|
02 |
නාලන්ද විද්‍යාලය |
5,687,254.00 |
34,357,857.00 |
|
03 |
රාජකීය විද්‍යාලය |
12,318,000.00 |
අනුග්‍රාහකයන් මඟින් |
ඒ බාහිර ක්‍රියාකාරකම්වලට රාජකීය විද්‍යාලයට, ආනන්දයට, නාලන්දයට අය වැයේ මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නැති බව මම පිළිගන්නවා. ආදි ශිෂ්‍යයෝ, සුභ පතන්නෝ, දෙමව්පියෝ එකතු වෙලා ඒ වියදම් දරනවා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න ගරු මන්ත්‍රීතුමා.
(ඇ) නිදහස් අධ්‍යාපනය ආරම්භ වූ වකවානුවේ පටන් තම දරුවන් වෙනුවෙන් දෙමාපියන් තුළ ඇති දැඩි ආදරය සහ උනන්දුව මත පාසල්වල යම් යම් කටයුතු සඳහා පරිත්‍යාග සිදු කිරීම ශ්‍රී ලංකාවේ දිගටම පැවතී ඇත. දෙමව්පියන්ගේ එම ක්‍රියාවලියට බාධා කිරීම යෝග්‍ය නොවේ. එසේ පරිත්‍යාග වශයෙන් ලැබෙන මුදල් ද විනිවිදභාවයෙන් යුතුව පාසල්වල සංවර්ධනය සඳහා යොදා ගැනීමට විදුහල්පතිවරුන්ට සහ අධ්‍යාපන නිලධාරින් වෙත චක්‍රලේඛ මඟින් උපදෙස් දී ඇත.
පිළිතුරු දුන් දිනය
2014-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks