බලන්න

04

E   |     |  

 දිනය: 2025-01-10   පිළිතුර ලබා දී ඇත 

0088/2025: අලි-මිනිස් ගැටුම: 2015 සිට මිනිස් සහ වනඅලි මරණ සංඛ්‍යාව

----

අසන ලද දිනය

2025-01-10

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඇමුණුම (I) මඟින් දක්වා ඇත.

ඇමුණුම (I)

Regional Distribution of Human Deaths (2015 to 2024)

Wildlife              Region

2015

2016

2017

2018

2019

2020

2021

2022

2023

2024.12.23

North-Western

12

6

5

11

11

13

13

15

17

19

Polonnaruwa

10

26

16

21

27

18

18

26

39

24

Eastern

15

20

23

17

19

24

34

32

37

30

Southern

7

10

10

5

8

7

8

12

14

14

Central

4

0

3

5

5

3

8

7

5

4

Uva

2

4

7

8

6

12

11

6

11

6

Anuradhapura

8

13

11

17

28

19

28

37

42

31

Kiilinochchiya

0

1

1

0

2

3

3

1

0

1

Vavuniya

1

2

3

2

2

2

2

3

1

8

Trincomalee

4

4

5

5

10

4

8

3

11

8

Puttalam

-

2

3

5

4

7

9

4

7

5

Total

63

88

87

96

122

112

142

146

184

150

සාරාංශයක් වශයෙන් ගත්තොත්, 2015 - 2019 කාලයේ අලින්ගේ මරණ 1,466ක් සිදු වෙලා තිබෙනවා. 2020 - 2024 කාලයේ අලින්ගේ මරණ 2,011ක් සිදු වෙලා තිබෙනවා. 2015 - 2019 කාලයට සාපේක්ෂව, 2020 - 2024 කාලයේ අලින්ගේ මරණ සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා.

                මිනිසුන්ගේ මරණ ප්‍රමාණය ගත්තොත්, 2015-2019 කාලයේදී 456ක් සිද්ධ වෙලා තිබෙනවා. 2020-2024 කාලයේදී 734ක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වාගේම අලින්ගේ මරණ ප්‍රමාණයත් 2020-2024 කාලයේදී වැඩි වෙලා තිබෙනවා.

(ii) ඇමුණුම (II) මඟින් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.

ඇමුණුම - (II)

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග:

* වනඅලි විසින් සිදුකරන වගා හානි, දේපළ හානි, ජීවිත හානි අවම කිරීම සඳහා කිලෝමීටර 5,612ක් විදුලි වැට ඉදිකර ඇති අතර 2024 වර්ෂයේ වනජීවී කලාප දකුණ, ඌව, නැ‍‍ඟෙනහිර, මධ්‍යම, වයඹ, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, වවුනියාව, කිළිනොච්චිය, පොළොන්නරුව ආවරණය වන පරිදි විදුලි වැට කිලෝමීටර 588ක් ඉදිකරමින් පවතී.

* දැනට ඉදිකර ඇති විදුලි වැට නඩත්තුව හා ආරක්ෂා කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් 4005ක් යොදවා ඇත.

* වනඅලි හානි බහුලව සිදුවන ස්ථානවල වනඅලි පලවා හැරීම සඳහා මුරපොළවල් ස්ථාපිත කර සිවිල් ආරක්ෂක භටයින් 737ක් යොදවා ඇත.

* විදුලි වැට නඩත්තු කටයුතු හා ආරක්ෂාව සඳහා බහුකාර්ය සංවර්ධන සහායකයින් 3647ක් දිවා රාත්‍රී අඛණ්ඩව විදුලි වැට නඩත්තුව හා ආරක්ෂා කිරීමේ  කටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බඳවා ගැනීමට කටයුතු සිදු කරමින් පවතී.

* වනජීවි කලාපවල වනඅලි විසින් සිදුකරන වගා හානි අවම කිරීමටත්, දෛනිකව වනඅලි පලවා හැරීමේ කටයුතු සඳහාත් වාර්ෂිකව 1620,000ක් අලිවෙඩි මිලදී ගෙන බෙදා හැරීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා වියදම රුපියල් මිලියන 350කි.

* වනඅලි විසින් සිදු කරන ජීවිත හානි, දේපළ හානි සඳහා වන්දි ගෙවීම සඳහා 2023 වර්ෂයේ රුපියල් මිලියන 380ක් හා 2024 වර්ෂයේ මේ දක්වා රුපියල් මිලියන 372ක්  ද ලබා දී ඇත.

* වනඅලින්ගේ සංචරණ රටාවන් හඳුනා ගැනීම සඳහා GPS කරපටි යොදවා විද්‍යාත්මක පර්යේෂණ සිදුකර ඇති අතර, මෙම දත්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ප්‍රදේශවල භාවිත කරමින් පවතී.

* හානිදායක වශයෙන් හඳුනාගත් වනඅලින් අල්ලා ඉවත් කිරීම සිදුකොට ඇත.

* අලිමංකඩ 16ක් හඳුනා ගෙන ඇති අතර, එයින් අලිමංකඩ 3ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති රක්ෂිත ප්‍රදේශ තුළ පිහිටා ඇත. අලිමංකඩ 10ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති රක්ෂිත තුළ පිහිටා ඇති අතර අලි මංකඩ 3ක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ බල ප්‍රදේශ තුළ හඳුනාගෙන ඇත. එම අලිමංකඩ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව කටයුතු කරමින් පවතී.

* 2023 වර්ෂයේ සිට වනඅලින්ගෙන් සිදුවන ජීවිත හානි අවම කිරීම සඳහා කළමනාකරණ ක්‍රමවේදය කලාප මට්ටමින් ප්‍රායෝගිකව අනුගමනය කර ගනිමින් වනඅලි විසින් ජීවිත  හානි සිදු කරන ග්‍රාම නිලධාරි වසම් හඳුනා ගෙන ගම්වාසීන්, ග්‍රාම නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් හා අදාළ ප්‍රාදේශීය සභා සම්බන්ධ කර ගනිමින් ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, වනඅලින් සැරිසරන අතුරු මාර්ගයේ වනඅලින් දර්ශනය වන අයුරින් යටි පඳුරු ඉවත් කිරීම හා අතුරු මාර්ගවල අඳුරු සහිත ස්ථානවල වීථි ලාම්පු සවි කිරීමට කටයුතු කර ඇත.

* වාසස්ථාන සුපෝෂණ කටයුතු 2023-2024

වර්ෂය

ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම(හෙක්.)

තෘණ භූමි කළමණාකරණය (හෙක්.)

මාර්ග දෙපස යටි රෝපණ ඉවත් කිරීම(හෙක්.)

ජල මූලාශ්‍ර වැඩිදියුණු කිරීම (සංඛ්‍යාව)

2023

386.9

258.27

118.64

9

2024

105

222

365

5

*             වනඅලි හානි අවම කිරීම සඳහා සාර්ථක හා අසාර්ථකභාවය අධ්‍යයනය සඳහා පහත සඳහන් නව තාක්ෂණය යොදා ගැනීම අත්හදා බලා ඇත.

                         1.    ලංකාවේ දේශීය වශයෙන්        නිෂ්පාදනය        කරන ලද energizer භාවිත කරමින්        උඩවලව, අම්පාර, පුත්තලම යන ප්‍රදේශවල        ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

                         2.    තරංග මඟින් නිපදවන - altra sound - උපකරණ භාවිත කරමින් අම්පාර, ගල්ගමුව, පොළොන්නරුව වනජීවී කලාපවල වනඅලින් පලවා හැරීම හා වනඅලින් ගම්මානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම උපකරණ යොදා ගනිමින් අත්හදා බැලීම් සිදුකර ඇත.

3. නාවික හා ගුවන් හමුදාවන් සම්බන්ධ කර ගෙන ඩ්‍රෝන යාත්‍රා යොදා ගනිමින් වනඅලි පලවා හැරීමේ කටයුතු පුත්තලම, අනුරාධපුර, දකුණ යන වනජීවි කලාපවල සිදුකර ඇත.

4. මීමැසි පාලනය උපයෝගී කර ගෙන මීමැස්සන්ගේ ශබ්ද තරංග භාවිත කරමින් මාදුරුඔය, අම්පාර කලාපවල මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

5. හඳුන්කූරු භාවිත කරමින් වනඅලි පැමිණෙන ගම්මානවල ව්‍යාපෘති අත්හදා බැලීම් කටයුතු සිදුකර ඇත.

6. කළුතෙල් කලවම් කර කඹ පිළිස්සීමෙන් ඇතිවන දුම උපයෝගී කරගෙන වනඅලි පලවා හැරීම් අත්හදා බැලීමක් සිදු කර ඇත.

7. උඩවලව ජාතික උද්‍යානයේ ප්‍රධාන විදුලි වැට කඩා බිඳිමින් ගම්මානවලට පැමිණෙන මාර්ග හඳුනා ගෙන එම ස්ථානවල උල් සහිත තැටි සකස් කර බිම ඇතිරීමෙන් අධ්‍යයනයන් සිදු කර ඇත.

කෙටියෙන් මේ ගැන කිව්වොත්, අපි මේ අලි - මිනිස් ගැටුම අවම කරන්න කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. විදුලි වැට, ඒ වාගේම අලි වෙඩි යොදලා අලින් පලවා හැරීම, යටි වගාවන් ඉවත් කිරීම, වීථී ලාම්පු සවි කිරීම වාගේ ක්‍රියාමාර්ග අපි අරගෙන තිබෙනවා. ඊට අමතරව, වන අලි සංචරණ රටාවන් හඳුනාගෙන ඊට පසුව අලිමංකඩ විවෘත කිරීම, වාසස්ථාන සුපෝෂණය සහ මේ ගැටලු විසඳීම සඳහා තිබෙන තව ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අපි පර්යේෂණ කරමින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපි ඒ ආකාරයට තමයි කටයුතු කරමින් ඉන්නේ.

 

(ආ) අදාළ නොවේ.

 

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks