01

E   |     |  

 දිනය: 2024-03-06   පිළිතුර ලබා දී ඇත 

0609/2024: ජලභීතිකා රෝගය පැතිරීම අවම කිරීම: ගෙන ඇති පියවර

609/2024

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      පසුගිය වර්ෂ 3ක කාලය තුළ —

                (i)      සුනඛයන් සපාකෑම හේතුවෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව;

              (ii)      ජලභීතිකා රෝගය වැළදීම හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;

(ආ) (i) අයාලේ යන සුනඛයන්ගෙන් මෙන්ම ගෘහ ආශ්‍රිතව සුරතලයට ඇති කරනු ලබන සුනඛයන්ගෙන්ද ජලභීතිකා රෝගය වැළදෙන බව අනාවරණය වී තිබේද;

(ii) එසේ නම්, ජලභීතිකා රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

(iii) සුරතල් සතුන් ඇති කිරීමට අදාළව නීති/රෙගුලාසි හෝ සුරතල් සතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් තිබේද;

(iv) නොඑසේ  නම්, එවැනි නීති/රෙගුලාසි හෝ සුරතල් සතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-06

අසන ලද්දේ

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

2021

2022

2023

65,773

66,247

69,834

 

              (ii)

2021                                  

 2022   

2023 

25

28

16

(ආ)         (i)      ජලභීතිකාව ප්‍රධාන වශයෙන් මිනිසාට වැලඳෙන්නේ අයාලේ යන සුනඛයින්ගෙන් වන අතර, නිසි ලෙස එන්නත්කරණය කරන ලද ගෘහාශ්‍රිත සුනඛයින්ගෙන් ජලභීතිකාව වැලඳුණු අවස්ථා වාර්තා වී නොමැත. නිසි ලෙස එන්නත් කර නොමැති ගෘහාශ්‍රිත සුනඛයින් මාර්ගයෙන්ද ජලභීතිකාව බෝවීමට හැකියාව ඇත. එලෙස ගෘහාශ්‍රිතව ඇති කරන ලද සුනඛ පැටවුන් මඟින් වැලඳුණු ජලභීතිකාව හේතුවෙන් එක් මරණයක් 2021 වර්ෂයේදී වාර්තා වූ අතර, එයට හේතුව වූයේ වීදි සුනඛ පැටවුන් එන්නත් ලබා නොදී නිවසට රැගෙන ඒමයි.

(ii) මිනිසුන්ට ජලභීතිකාව වැලඳීම අවම කිරීමට නම් ප්‍රධාන වශයෙන්ම සුනඛයින් අතර ජලභීතිකාව පැතිරීම අවම කළ යුතුය. ඒ සඳහා,

• ජලභීතිකා රෝගය මර්දනය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදය වන්නේ සුනඛ ගහනයෙන් සියයට 70ක් ජලභීතිකාවට එරෙහිව එන්නත් කිරීම.

• ගැහැණු සතුන් වන්ධ්‍යාකරණය කිරීම මඟින් සුනඛ ගහනය පාලනය කිරීම.

• ජලභීතිකාව ඇතැයි සැක සහිත සතුන්ගේ නියැදි විද්‍යාගාර තුළ පරීක්ෂාවට ලක් කිරීම මඟින් රෝගය පැතිරෙන ප්‍රදේශ හඳුනා ගැනීම.

• සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා කලින් කලට පුහුණු කිරීමේ වැඩසටහන් හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

(iii) ජලභීතිකා රෝගය පිළිබඳව 1894 ජනවාරි 02 දිනැති ආඥා පනත මඟින් ජලභීතිකා රෝගය පාලනය කිරීම පිළිබඳ නියෝග නිකුත් කර ඇති අතර, 1938 අංක 26 දරන බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ සුරතල් සුනඛයන් ලියාපදිංචි කිරීම හා වගකීමෙන් සුනඛයෙකු ඇති කිරීම පිළිබඳ කරුණු ඇතුළත් වේ. එම පනතේ බලධාරියා වනුයේ පළාත් පාලන ආයතනයි.

(iv) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks