01

E   |     |  

 දිනය: 2012-05-23   පිළිතුර ලබා දී ඇත 

2157/2012: Hospitals -Ranwala Government Hospital ,Rakwana

2157/’11

 

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       රත්නපුර දිස්ත්‍රික්කයේ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, රංවල රජයේ රෝහල වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති බවත්;

             (ii)       එම රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ  සෙසු කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත්;

(iii) දැනට එහි සේවය කරනු ලබන්නේ එක් වෛද්‍යවරයෙක් පමණක් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම රෝහලේ  ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවේ සාමාන්‍යය, නේවාසික හා බාහිර වශයෙන් කොපමණද;

(ii) එම රෝහලට අනුමත වෛද්‍යවරු සහ සේවක සංඛ්‍යාව ‍කොපමණද;

(iii) රංවල රජයේ රෝහල වත්මන් තත්ත්වයට පත්වීමට හේතු කවරේද;

(iv) එම රෝහල සඳහා  අවශ්‍ය වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නේද;

(v) එසේ නම්, ඊට ගත වන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-05-23

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks