01

E   |     |  

 දිනය: 2019-04-02   පිළිතුර ලබා දී ඇත 

0675/2019: සංචාරක වෙරළ කලාප වැඩිදියුණු කිරීම : වැය වන මුදල

675/’19

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා,— සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වර්ෂයකට විදේශීය සංචාරකයන් මිලියන 2.5 ක් ගෙන්වා ගැනීමේ ජාතික ඉලක්කයක් තිබෙන බවත්;

             (ii)       ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වැඩි පිරිසක් මුහුදු වෙරළ කලාප නැරඹීමට එන  බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, ඒ සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

(ii) ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිතව හඳුනාගෙන ඇති සංචාරක වෙරළ කලාප කවරේද;‍

(iii) එම සංචාරක වෙරළ කලාප කඩිනමින් ස්ථාපිත කරන්නේ කෙසේද;

(iv) මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මේ ආකාරයට එක් වෙරළ කලාපයක් වැඩිදියුණු කිරීමට වැය වන මුදල කොපමණද;

(ii) කිසියම් වෙරළ තීරයක් සංචාරක වෙරළ කලාපයක් ලෙස නිර්දේශිත සහතිකයක් ලබා ගැනීම සඳහා ගත වන කාලය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-04-02

අසන ලද්දේ

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       ඔව්.

(ආ)      ඔව්.

               (i)       වෙරළ සංචාරක කලාප සංවර්ධනය සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවරයන්.

 

වෙරළ ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති

දිස්ත්‍රික්කය

වැය කරන ලද ප්‍රතිපාදන / මුදල් රු.මි.

1

කප්පල් අඩි මුස්ලිම් පාසලේ සිට වෙරළ දක්වා දිවෙන මාර්ගය ඉදිරිකිරීම

පුත්තලම

6.34

2

කම්මල පාලම සිට වෙරළ දක්වා මාර්ගය ඉදිකිරීම

පුත්තලම

2.83

3

අංගම්පිටිය මංසන්ධියේ සිට අළුත්තොට මංසන්ධිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම

පුත්තලම

4.23

4

ඉරණවිල වෙරළ සංරක්ෂණ සැලැස්ම සෑදීම

පුත්තලම

0.3

5

කාත්තන්කුඩිය තුඩාව වෙරළ මාර්ගය ඉදිකිරීම

පුත්තලම

1.75

6

යාපනය මණ්ඩතිවු දූපත සඳහා පරිසර හිතකාමී සංචාරක මධ්‍යස්ථානයක් ඉදිකිරීම

යාපනය

26.76

7

යාපනය නගරය සඳහා බෝට්ටු සේවාවක් ඇති කිරීම

යාපනය

25.54

8

කච්චතිවු දූපත ආශ්‍රිතව පාවෙන ජැටියක් ස්ථාපිත කිරීම

යාපනය

2.5

9

කීරිමලෛ වෙරළ ආශ්‍රිතව ඇඳුම් මාරු කිරීමේ ස්ථානයක් ඉදිකිරීම

යාපනය

2.39

10

අක්කරෛ මුහුදු වෙරෙළහි වාහන අංගනයක් හා වහලය සහිත ගිමන්හලක් ඉදිකිරීම

යාපනය

3

11

කන්දරෝඩෛ වැව වටා සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම

යාපනය

5

12

අකුරළ වෙරළ තීරයේ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම

ගාල්ල

2.1

13

අම්බලන්ගොඩ ගොඩහේන ප්‍රදේශයේ පාවෙන ජැටි  ස්ථාපනය කිරීම

ගාල්ල

5

14

එරාවුර්පත්තු වෙරළ සංවර්ධනය කිරීම

මඩකලපුව

14.5

15

එරාවුර් කලපු ප්‍රදේශය සංවර්ධනය කිරීම

මඩකලපුව

11.3

16

සල්ලතීව් දූපත සංරක්ෂණය කිරීම හා සංචාරක පහසුකම් සංවර්ධනය කිරීම

මඩකලපුව

20

 

එකතුව

 

133.54

(ii)       ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිතව හඳුනාගෙන ඇති සංචාරක වෙරළ කලාප

                        පහත ප්‍රදේශ සංචාරක කලාප වශයෙන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

· මීගමුව

· බෙන්තොට

· හික්කඩුව

· උණවටුන

· ආරුගම්බේ

· පාසිකුඩා

· කල්පිටිය - අනාගතයේදී සංවර්ධනය කිරීමට යෝජිතය

අනාගතයේ සංචාරක කලාපලෙස දියුණු කිරීමට පහත සඳහන් වෙරළ ප්‍රදේශ හඳුනාගෙන ඇත.

· කුච්චවේලි

· පීනට්බේ ෆාම්

· තලෛමන්නාරම

· එලිෆන්ට්පාස්

· මුලතිව්

· කන්කසන්තුරෛ වෙරළ කලාපය

· ඩෙල්ෆ් දූපත ආශ්‍රිතව

(iii)  මෙම සංචාරක වෙරළ කලාප කඩිනමින් ස්ථාපිත කරන ආකාරය පහත පරිදි වේ.

පියවර 1

කල්පිටිය සහ කුච්චවේලි සංචාරක කලාපවල සංවර්ධන සැලැස්ම 2019 ජූලි මස වන විට අවසන් වන අතර, පෞද්ගලික අංශයේ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ඉඩම් වෙන් කිරීමේ ප්‍රතිපත්ති තීන්දුව අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලෙස නුදුරු අනාගතයේදී ලබා ගැනීමට කටයුතු සලසා ඇති අතර, සංවර්ධන සැලැස්මේ හඳුනා ගන්නා ආකාරයට පොදු යටිතල පහසුකම් දියුණු කිරීම ආරම්භ කෙරෙන අතර, පෞද්ගලික අංශය වෙත ඉඩම් කට්ටි බදු පදනම මත ලබා දුන් වහාම සංචාරක පහසුකම් ඉදිකිරීම සඳහා අනුමැතිය පරිදි ඉදිකිරීම ආරම්භ වනු ඇත.

පියවර 2

ඉහත දැක්වූ ඉතිරි සියලු කලාප පියවර 2 යටතේ අනාගතයේදී දියුණු කිරීමට යෝජිතය.

(iv)   මේ සම්බන්ධයෙන් අනාගතයේදී ගත යුතු ක්‍රියාමාර්ග

· සංචාරක කටයුතු මඟින් විදේශ විනිමය ඉපයීම සැලකිල්ලට ගෙන එම විදේශ විනිමය උපයන කර්මාන්තය අපනයන කර්මාන්තයක් ලෙස සලකා දිරි ගැන්වීම් (incentives) ලබා දීම.

· දැනට රාජ්‍ය ඉඩම් වසර 30ක් සඳහා බදු පදනම මත ලබා දෙන ක්‍රමවේදයම අනුගමනය කර පුද්ගලික අංශය වෙත බදු දීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම. (අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇත.)

(ඇ) ඔව්.

(i) වැය කිරීමට යෝජිත වියදම්

එක් එක් වෙරළ ආරක්ෂිත සංචාරක කලාපයක් සඳහා යෝජිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වියදම් ඒ ඒ කලාපවල ප්‍රමාණය සහ භූ විෂමතාවය මත විවිධ වේ. එනමුත් සකස් කරමින් පවතින සැලැස්මේදී හඳුනාගන්නා අවශ්‍යතාවය අනුව යටිතල පහසුකම් (මාර්ග පද්ධතිය, ජල නල පහසුකම්, විදුලිය ලබා දීම, කැලි කසළ බැහැර කිරීම සහ අපවතුර අපහරණය කිරීම) දියුණු කිරීමට පියවර කිහිපයක් යටතේ වසර කිහිපයක් තුළ සංචාරක සංවර්ධන අධිකාරිය කරගෙන යනු ලබයි. මේ සඳහා භාණ්ඩාගාරයේ මුදල් ඉල්ලුම් කරන්නේ නැත.

උදා: පාසිකුඩා සංචාරක කලාපය සංවර්ධනය කිරීමේ වියදම්

I. විදුලිය ලබා දීමට)

II. අභ්‍යන්තර මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට )                                                                                                                  

III. නල ජල පහසුකම් ලබාදීමට) වියදම                    රු. මිලියන   500

IV.  වීදි ලාම්පු (lights) සවි කිරීමට)

V.  අපජලය අපහරණය කිරීමට)

VI. කැලි කසළ බැහැර කිරීමට)

VII. පොදු රථවාහන ගාලක් සැකසීමට) 700

VIII. දෛනික දේශීය සංචාරකයන් සඳහා)

අවශ්‍ය පොදු පහසුකම් සැපයීමට)

             දළ එකතුව 1,200

පාසිකුඩා සංචාරක කලාපය සඳහා දැනට රුපියල් බිලියන 0.5ක් පමණ වැය කර ඇති අතර, රුපියල් බිලියන 0.7ක මුදලක් වැය කිරීමට යෝජිතව ඇත.

උක්ත යටිතල පහසුකම් වසර 07ක පමණ කාලය තුළ රුපියල් මිලියන 1,500කට අධික මුදලක් සංචාරක සංවර්ධන අධිකාරිය වියදම් කර ඇත. අනෙකුත් කලාප මේ ආකාරයටම සැලසුම් කර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වියදමින් පොදු පහසුකම් ඉදිකිරීමට යෝජිතය.

(ii) වෙරළ තීරයක් සංචාරක වෙරළ කලාපයක් ලෙස නිර්දේශ කිරීම.

සංචාරක කලාප (Zones) සඳහා නිර්දේශිත සහතික නිකුත් නොකෙරේ. කෙසේ නමුත් සංචාරකයන් බහුලව ප්‍රයෝජනයට ගනු ලබන වෙළඳ කලාප නිල් වෙරළ තීර (Blue Flag beaches) ලෙස හඳුනා ගැනීමට “Foundation for Environmental Education” ආයතනය ප්‍රකාශයට පත් කර ඇති නිර්ණායක සපිරීමෙන් අනතුරුව Blue Flag සහතිකයක් නිකුත් කරනු ලබයි. එය සංචාරක කලාපයකට නිකුත් කරනු ලබන සහතිකයක් ලෙස සැලකේ.

තවද, ජාත්‍යන්තර තිරසාර සංචාරක කවුන්සිලය (Global Sustainable Tourism Council) මඟින් තිරසාර සංචාරක ගමනාන්ත ලෙස ප්‍රාදේශීය සංචාරක කලාප වෙත සහතික ලබා දීමට නිර්ණායක සමූහයක් භාවිත කරයි. එමඟින් තිරසාර සංචාරක වෙරළ කලාපයක් ලෙස නිර්ණය කෙරෙන ප්‍රදේශයක් සඳහා ජාත්‍යන්තර සහතිකයක් එම ආයතනය මඟින් නිකුත් කරනු ලබයි.

(ඈ) අදාළ නොවේ. (පිළිතුරු ලබා දී ඇත.) 

දීර්ඝ පිළිතුරක් තිබෙන්නේ. අවශ්‍ය දෙයක් තිබෙනවා නම් පැහැදිලි කරන්න පුළුවන්.

(ආ)        (ii)       ප්‍රශ්නයෙන් අහලා තිබෙනවා, "ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිතව හඳුනාගෙන ඇති සංචාරක වෙරළ කලාප කවරේද?" කියලා.

පිළිතුරු දුන් දිනය

2019-04-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් අලුවිහාරේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks