E   |     |  

2026-04-10

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2026 අප්‍රේල් මස 10 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(ii)    2023 වර්ෂය සඳහා සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රිනී ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් පිළිගන්වන ලදී.

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
අස්වැසුම වැඩසටහන පිළිබඳ විස්තර

ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු එම්. ඒ. එම්. තාහිර් මහතා
පුත්තලම මුන්දලම මස්ජිදයට පරිත්‍යාග කළ ඉඩම

ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 


වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා
මහ බැංකුව සම්බන්ධයෙන් ඔහු විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු නොදීම



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 83 වශයෙන් සඳහන් වන)

ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව පරාජය විය (පක්ෂව 49; විරුද්ධව 153).


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1812 ට 2026 මැයි මස 5 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.





සම්බන්ධිත පුවත්

2026-04-09

2026 අප්‍රේල් මස 9 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබාගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 16 දිනැති අංක‍ 2471/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (ii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබාගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 16 දිනැති අංක‍ 2471/53 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (iii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබාගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 16 දිනැති අංක‍ 2471/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (iv)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබාගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 16 දිනැති අංක‍ 2471/55 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (v)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 52 වගන්තිය සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විමසා, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 පෙබරවාරි 13 දිනැති අංක‍ 2475/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග. (vi)    2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීමආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා - පෙත්සම් පහයි(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතාදිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ විෂමාචාර, විනිවිදභාවයක් නොමැතිකම සහ මාධ්‍ය සීමා කිරීම(ii)    ගරු සජිත් ප්‍රේමදාස මහතාලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ගැටළුගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අමාත්‍යාංශ නිවේදනකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් 2026.02.06 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීමගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -(i)    මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) - 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා(ii)    ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) - 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සංශෝධනය කිරීම සඳහාගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය - කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2025 නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව  එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව,  2026 ජූලි 21 දින දක්වා දීර්ඝ කළ යුතු ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-(i)    යුද්ධ හමුදා පනත යටතේ නියෝග (ii)    නාවික හමුදා පනත යටතේ නියෝග (iii)    ගුවන් හමුදා පනත යටතේ නියෝග(iv)    මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 137; විරුද්ධව 27)(v)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයකල් තැබීමේ යෝජනාව“2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා ප්‍රහාරය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1816 ට 2026 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-04-08

2026 අප්‍රේල් මස 8 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iii)    2023 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව.(iv)    2024 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය -  පෙත්සම් හතරයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා - පෙත්සම් දෙකයි(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සුළු ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට වෙනස් කොට සැලකීමබුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු රවී කරුණානායක මහතාගනුදෙනු සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාව තුළ දෘඩ මුදල් වර්ග නිල වශයෙන් පිළිගැනීම පිළිබඳ ගැටළුවරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාගරු අධිකරණ අමාත්‍යතුමා විසින් සිදුකළ අභිනයකල් තැබීමේ යෝජනාව“වර්තමාන තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1751 ට 2026 අප්‍රේල් මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-04-07

2026 අප්‍රේල් මස 7 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව 2 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන3 : “දේශීය ආදායම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව4 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXI (31) හා XXXII (32) කොටස්(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.(ii)    2024 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.(iii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.(iv)    2024 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.(v)    2024 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.(vi)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.(vii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.(viii)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2026 මාර්තු 28 දිනැති අංක 2481/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය. (ix)    2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 24(4) වගන්තිය සහ 2025 අංක 3 දරන විසර්ජන පනතේ 5 වගන්තිය ප්‍රකාරව, 2025 ඔක්තෝබර් 03 දින සිට 2025 දෙසැම්බර් 31 දක්වා “වීරමොන් ක්‍රියාපටිපාටිය යටතේ සිදුකරන ලද ප්‍රතිපාදන මාරු කිරීම්” සම්බන්ධයෙන් වන තොරතුරු පිළිබඳ වාර්තාව.(x)    2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.02.02 සිට 2026.02.27 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.(xi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත, ශ්‍රී ලංකාවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික කටයුතු පීඨයේ අධ්‍යයනාංශ පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 දෙසැම්බර් 03 දිනැති අංක 2465/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.(xii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.(xiii)    1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 18, 24, 28 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු 44 වගන්තියේ (ඌ) සහ (ඒ) ඡේද යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජනවාරි 17 දිනැති අංක 2471/68 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.(xiv)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 21, 22, 23, 24 සහ 24අ වගන්ති සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජනවාරි 05 දිනැති අංක 2470/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.(xv)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xvi)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.(xvii)    2024 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් කුමාර ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් පිළිගන්වන ලදී.(iii)    යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය - පෙත්සම් දෙකයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා                    (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාඉන්ධන ආරක්ෂාව, බෙදාහැරීම සහ බදුකරණය ආදිය සම්බන්ධ ගැටළු.ගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාජාතික සමාජ සංවර්ධන ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් සමඟ අනුබද්ධ කිරීමට ගත් පියවර ගරු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අමාත්‍යාංශ නිවේදන(i)    මුස්ලිම් ජාතික නිදහස් අරගල වීරයන් 07 දෙනෙකු ජාතික වීරයන් ලෙස ප්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලීම සම්බන්ධයෙන් 2026.01.21 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.(ii)    තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් අතර ක්‍රියාත්මක වූ බෝට්ටු සේවා පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2025.08.21 දින ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- (i)    සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත – සංශෝධන සහිතව(ii)    ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග(iii)    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගය (iv)    ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති(v)    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම(vi)    ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2018)අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1806 ට 2026 අප්‍රේල් මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-03-20

2026 මාර්තු මස 20 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2022/2023 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.(ii)    2024 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව.(iii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෛරාසා රවිකරන් මහතා(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතාරජය විසින් ප්‍රධාන ආගමික නායකයින්ට සහ පුද්ගලයින්ට නිකුත් කරන ලද නිල ගමන් බලපත්‍ර පිළිබඳ විස්තර(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාහඳුනාගත් සමූහ මිනී වළවල් ඇති ස්ථාන සහ වින්දිත ප්‍රජාව පිළිබඳ රජයේ ස්ථාවරයගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. කල් තැබීමේ යෝජනාව“ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා අවසන් කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1735 ට 2026 අප්‍රේල් මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks