04

E   |     |  

2026-03-06

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2026 මාර්තු මස 06 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(iii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iv)    2024 වර්ෂය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා හයක්, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසින් පිළිගන්වන ලදී.



පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා  
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා 
(iii)    -  පෙත්සම් තුනයි 
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි මහත්මිය

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ගැටළු


අමාත්‍යාංශ නිවේදන

(i)    නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ගැසට් කිරීම හේතුවෙන් යාපනයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අනෙකුත් අය මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් 2025.08.06 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, ගරු බිමල් රත්නායක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(ii)    2009 වසරේ සිට සිදුවූ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් 2026.03.05 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 81 සහ 82 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- 

(i)    මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 108; විරුද්ධව 08)
(ii)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1734 ට 2026 මාර්තු මස 17 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



සම්බන්ධිත පුවත්

2026-03-20

2026 මාර්තු මස 20 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2022/2023 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.(ii)    2024 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව.(iii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෛරාසා රවිකරන් මහතා(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතාරජය විසින් ප්‍රධාන ආගමික නායකයින්ට සහ පුද්ගලයින්ට නිකුත් කරන ලද නිල ගමන් බලපත්‍ර පිළිබඳ විස්තර(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාහඳුනාගත් සමූහ මිනී වළවල් ඇති ස්ථාන සහ වින්දිත ප්‍රජාව පිළිබඳ රජයේ ස්ථාවරයගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. කල් තැබීමේ යෝජනාව“ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා අවසන් කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1735 ට 2026 අප්‍රේල් මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-03-19

2026 මාර්තු මස 19 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම3 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLV (45) සහ XLVI (46) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXX (30) කොටස.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 4ඊ වගන්තිය සමඟ කියවිය යුතු 3 වගන්තිය යටතේ සුදුසුකම් නිර්ණායක සහ බදු නිදහස් කිරීම් හෝ බදු දිරි ගැන්වීම් සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 පෙබරවාරි 08 දිනැති අංක 2474/66 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.(ii)    2022 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව.(iii)    2023 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා - පෙත්සම් දෙකයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය - පෙත්සම් දෙකයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාරටේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් වූ අර්ථ දැක්වීම, සංඛ්‍යාලේඛන, ප්‍රතිපත්ති ආදිය.(ii)    ගරු රවී කරුණානායක මහතාගුවන්තොටුපළවල්, ගුවන් සේවා ආදිය පිළිබඳ විස්තර.ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අද දින සභාවේ ප්‍රධාන කටයුතුකොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් අනුමත කරන ලදී.කල් තැබීමේ යෝජනාව“ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” සඳහා වන කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1756 ට 2026 මාර්තු මස 20 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-03-17

2026 මාර්තු මස 17 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම2 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක්3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.(ii)    2024 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්.(iii)    2024 වර්ෂය සඳහා හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.(iv)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.(v)    (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 15 දිනැති අංක 2423/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.(vi)    (358 අධිකාරය වූ) නාවික හමුදා පනතේ 161 වගන්තිය යටතේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 15 දිනැති අංක 2423/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.(vii)    (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 15 දිනැති අංක 2423/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.(viii)    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 7(1) (ඇ) වගන්තිය සහ VI වන කොටස සමඟ කියවිය යුතු 105 වගන්තිය යටතේ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් සාදන ලදුව, 2026 ජනවාරි 30 දිනැති අංක 2473/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති.(ix)    2023 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(x)    2021 වර්ෂය සඳහා මිල්කො (ප්‍රයිවට්) ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.(xi)    2022 වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.(xii)    2024 වර්ෂය සඳහා ඉඩම් මැනුම් සභාවේ වාර්ෂික වාර්තාව.(xiii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xiv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සබරගමුව පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xv)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව.(xvi)    2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 34 වගන්තිය යටතේ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව 2026 සම්බන්ධයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජනවාරි 16 දිනැති අංක 2471/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.(xvii)    2023 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා - පෙත්සම් හතරයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාලෝකයේ යුදමය වාතාවරණය මධ්‍යයේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා රජය ගන්නා පියවරගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු රවී කරුණානායක මහතාක්‍රිප්ටෝ මුදල් සහ අනෙකුත් ඩිජිටල් වත්කම් නියාමනය කිරීමපනත් කෙටුම්පත් පිළිගැන්වීමගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී - (i)    දේශීය ආදායම් (සංශෝධන) - 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා(ii)    සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) - 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා(iii)    තැනැත්තන් සහ සමාගම් බේරා ගැනීමට, පුනරුත්ථාපනය කිරීමට සහ තැනැත්තන්ගේ සහ සමාගම්වල වස්තුභංගත්වයට අදාළ නීතිය සංශෝධනය කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා ද; (97 වන අධිකාරය වූ) වස්තුභංගත්ව ආඥාපනත ඉවත් කිරීම සඳහා ද; 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා ද; 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා ද; 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“බේරාගැනීම, පුනරුත්ථාපනය සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික)”නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුදූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් අනුමත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“සංවර්ධන නිලධාරීන් මුහුණ දෙන දුෂ්කරතා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2026 මාර්තු මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-03-05

2026 මාර්තු මස 05 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “දිට්වා” සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (ii)    2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.01.06 සිට 2026.01.29 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සුජිත් සංජය පෙරේරා මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතාදිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් උතුරු පළාතේ පශු සම්පත් ගොවීන්ට වන්දි ලබාදීමගරු කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා2009 වසරේ සිට සිදුවූ පුද්ගල ඝාතන පිළිබඳවඅමාත්‍යාංශ නිවේදනකොළඹ ආරක්ෂක සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධ වීම සම්බන්ධයෙන් 2025.11.18 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.කල් තැබීමේ යෝජනාව“ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම” සඳහා වන කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1747 ට 2026 මාර්තු මස 6 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks