කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVIII, XX, XXI, XXII හා XXIII කොටස්, තෙවැනි කාණ්ඩයේ XV, XVI හා XVII කොටස් සහ නවවැනි කාණ්ඩයේ X, XI හා XII කොටස්.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 සහ 2023 වර්ෂ සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තා.
(ii) 2024 වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඒකාබද්ධ වාර්ෂික වාර්තාව.
(iii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(iv) 2024 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(v) (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 25 වගන්තිය සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් 2025 ඔක්තෝබර් 04 දින පනවන ලද රීති.
(vi) 2004 අංක 11 දරන මුදල් පනතේ 26 වගන්තිය සමඟ කියවිය යුතු 22 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(vii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 22 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) (ආ) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ පීඨ සහ අධ්‍යයන අංශ නිශ්චිතව දැක්වීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2024 නොවැම්බර් 29 දිනැති අංක 2412/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(viii) 2025 අංක 3 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2025.09.01 සිට 2025.09.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(ix) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(x) 2024 වර්ෂය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ දකුණු පළාත් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා.
(xii) 2023 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xiii) 2020 සහ 2021 වර්ෂ සඳහා බුද්ධශාසන අරමුදලේ වාර්ෂික වාර්තා.
(xiv) 2024 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xv) 2024 වර්ෂය සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු රවී කරුණානායක මහතා
ඉන්දු - ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ගැටළු
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ තම හැසිරීම සම්බන්ධයෙන් ගරු චාමර සම්පත් දසනායක මහතා දැක්වූ අදහස්
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අරවින්ද සෙනරත් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 සැප්තැම්බර් 11 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2026) - දෙවැනිවර කියවීම (පළමුවැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“මාවනැල්ල ප්‍රාදේශීය සභා යෝජනාව ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කබීර් හෂීම් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1835 ට 2025 නොවැම්බර් මස 10 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-05-08
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ගරු කථානායකතුමා විසින් පිළිගැනීමේ කථාවකථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක අතිගරු ටෝ ලාම් මැතිතුමා පිළිගන්නා ලදී. වියට්නාම සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටෝ ලාම් මැතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව ඇමතීමවියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ටෝ ලාම් මැතිතුමා විසින් අද දින පෙ.ව. 11.40 ට සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතන ලදී.ස්තුති කථාඅග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්තුති කථා පවත්වන ලදී.ගරු කථානායකතුමා විසින් ප.ව. 1.30 වන තෙක් රැස්වීම තාවකාලිකව අත්හිටවනු ලැබීය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─• 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVIII (48) කොටස; • 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVI (56) කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXI (31) කොටස; සහ• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIX (49), L (50) හා LI (51) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXVI (36) කොටස(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හයවැනි වාර්තාවකාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් එහි සාමාජික, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 2, 3, 4, 6 සහ 7 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:- • ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීමශ්‍රී ලංකාවේ ඕනෑම ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ Z-අගය මත පදනම් නොවී ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවශ්‍ය නෛතික හා උසස් අධ්‍යාපනික ව්‍යුහය රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.• වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීමශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල රාමුවෙන් බැහැරව, රැකියා වෙළඳපොළ හා වෘත්තීය තාක්ෂණය ඉලක්ක කොටගත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලා පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.• සංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන ගැටළු විසඳීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීමසංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන පහරදීම, පැහැර ගැනීම, ස්ත්‍රී දූෂණය, ලිංගික අපයෝජනය, මනුෂ්‍ය ඝාතනය හා මූල්‍ය වංචා ඇතුළු ගැටළු පිළිබඳව සොයා බැලීමට සහ බලපෑමට ලක් වූ සේවකයින්හට ශ්‍රී ලංකාවට ආරක්ෂිතව නැවත පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමට නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.• මහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීමවර්තමානයේ අප සමාජයේ බොහෝ පිරිස් මහාචාර්ය, ආචාර්ය වැනි තනතුරු හා නාමයන් අවභාවිත කරන හෙයින් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා වැඩසටහනක් සකස් කිරීමට රජය විසින් අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.• ෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශ්‍රවලට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීමවිශේෂයෙන්ම ඌව පළාත ඇතුළුව කඳුකර ප්‍රදේශවල වගා කර ඇති ෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශවලට සහ පරිසරයට සිදුවන හානිය පිළිබඳව සලකා බලා ඒවා ඉවත් කර ප්‍රයෝජනවත් දේශීය වගාවන් සිදු කිරීමට ක්‍රමවේදයක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.• තරුණ දරුවන් විසින් සිය දිවි හානි කර ගැනීම වළක්වා ගැනීමපසුගිය කාලය තුළ සෑම පාසලකම උපදේශනය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම උපදේශන අංශයක් පිහිටුවීම, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම උපදේශන ඒකකයක් පිහිටුවීම, රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපදේශන ඩිප්ලෝමා පාඨමාලා, උපාධි පාඨමාලා, පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වීම, මානසික අවපීඩන තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා සෑම ප්‍රධාන රෝහලකම මානසික වෛද්‍ය ඒකක පිහිටුවීම ආදිය මඟින් තරුණ දරුවන් සිය දිවි හානි කර ගැනීම වළක්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති හෙයින් දේශපාලන අධිකාරිය, රජයේ නිලධාරින්, විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය සහ මහජනතාව එකී ක්‍රියාමාර්ග කෙරෙහි ගැඹුරින් මැදිහත් විය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1716 ට 2026 මැයි මස 19 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-05-07
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : වියට්නාම ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බැවින්, 2026 මැයි 8 වන සිකුරාදා දින ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2024 වර්ෂය සඳහා විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව.(ii) 2024 වර්ෂය සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාව සහ ජාතික මහ ලේකම් කාර්යාලයේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් එහි සාමාජික, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මහතා - පෙත්සම් දෙකයි (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා - පෙත්සම් දෙකයි (iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්. එම්. අබේවික්‍රම මහතා (v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු සජිත් ප්‍රේමදාස මහතාලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිලදී ගැනීමේ සහ සැපයීමේ ක්‍රියාවලියගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii) ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතාඋතුරේ දෙමළ ජනතාවගේ නිදහස් නොකළ ඉඩම් අනිසි ලෙස භාවිතා කිරීම සහ ඒවා නැවත ලබා දීමට ගත් පියවරඅමාත්‍යාංශ නිවේදන(i) වඩ්ඩකච්චි කෘෂිකාර්මික පාසල සහ ගොවිපල ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් 2026.01.07 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(ii) රටේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් වූ අර්ථ දැක්වීම, සංඛ්‍යාලේඛන, ප්‍රතිපත්ති ආදිය සම්බන්ධයෙන් 2026.03.19 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය, ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්“මාස් පදනම (සංස්ථාගත කිරීමේ)”නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. ඒ. එම්. තාහිර් මහතාට අවසර දෙන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- (i) ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග(ii) මෝටර් වාහන පනත යටතේ නියෝග(iii) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග (iv) මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 145; විරුද්ධව 06)(v) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයඅනතුරුව, පාර්ලිමේන්තුව පැය 1816 ට 2026 මැයි මස 8 වැනි සිකුරාදා පැය 1135 දක්වා කල් තබන ලදී.
2026-05-06
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව.(ii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2026 අප්‍රේල් 28 දිනැති අංක 2486/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය. (iii) 2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.03.04 සිට 2026.03.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.(iv) 2023 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ මහතා - පෙත්සම් දෙකයි (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් හතරයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්නගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතාපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු කේ. කාදර් මස්තාන් මහතාජාතික පෙර පාසල් පද්ධතියක් සකස් කිරීම සඳහා පෙර පාසල් නියාමනය කිරීමගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා2025/2026 මහ කන්නයේ වී නිෂ්පාදනයට ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමඅමාත්‍යාංශ නිවේදනශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය, ප්‍රතිව්‍යුහගත කිරීමේ ගමන් පථය සහ මූල්‍ය හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් 2026.02.20 දින ගරු රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීමගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී -(i) විදුලිසංදේශ බදු (සංශෝධන) - 2011 අංක 21 දරන විදුලිසංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා(ii) මුදල් (සංශෝධන) - 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා(iii) 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම පිණිස වූ“ජාතික පාරිසරික (සංශෝධන)”නමැති පනත් කෙටුම්පත ගරු පරිසර අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුබේරා ගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් සම්මත කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1753 ට 2026 මැයි මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-05-05
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශනය2 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන3 : “දේශීය ආදායම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය4 : “මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන)” සහ “ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව5 : මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXIII (23) කොටස; • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXVII (27) කොටස; • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXX (70) කොටස සහ නවවැනි කාණ්ඩයේ XLVII (47) කොටස;• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LV (55) කොටස සහ නවවැනි කාණ්ඩයේ XXX (30) කොටස; සහ• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLVII (47) හා XLVIII (48) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXIII (33), XXXIV (34) හා XXXV (35) කොටස්(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XLII (42) කොටස සහ සිව්වැනි කාණ්ඩයේ XXV (25) කොටස.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 23 දිනැති අංක 2481/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.(ii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 31 දිනැති අංක 2482/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.(iii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 අප්‍රේල් 02 දිනැති අංක 2482/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.(iv) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය.(v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සීමා නිර්ණය කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi) 2022 වර්ෂය සඳහා කිතුල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව(vii) 2020 සහ 2021 වර්ෂ සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තා.(viii) 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව.(ix) (351 අධිකාරය වූ) ආගාමික හා විගාමික පනතේ 23 වගන්තිය සමඟ කියවිය යුතු 52 වගන්තිය යටතේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් 2026 අප්‍රේල් 23 දින සාදන ලද නියෝග. (x) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(xi) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.(ii) අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.(iii) රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රිස්වි සාලි මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා (iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා (iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු සජිත් ප්‍රේමදාස මහතාවිදේශ ණය ආපසු ගෙවීමේ දී වංචනික ගිණුමකට හරවා යැවීම පිළිබඳ ගැටළුගරු කම්කරු අමාත්‍යවරයා සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නෝ ය. (ii) ගරු රවී කරුණානායක මහතාNDB බැංකුවේ මූල්‍ය වංචාව සහ රෙගුලාසි සම්බන්ධයෙන් මහ බැංකුවේ වගවීමඅමාත්‍යාංශ නිවේදන‘රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ගැටළු’ සම්බන්ධයෙන් 2026.03.06 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ.ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීම2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ“මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)”නමැති පනත් කෙටුම්පත ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- (i) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් හතරක්(ii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝගකල් තැබීමේ යෝජනාව“භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල් අතුරුදහන් වීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1722 ට 2026 මැයි මස 6 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.