E   |     |  

මැයි මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු


2026 අප්‍රේල් මස 27 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2026 මැයි මස 05 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් හතරක් – අනුමත කිරීමට
(2026.04.10 දින නිකුත් කළ අංක 3(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.05.05 දිනට නියම කර ඇති අංක 3, 4, 5 සහ 6 දරන අයිතමයන් බලන්න)
(ii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2026.04.10 දින නිකුත් කළ අංක 3(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.05.05 දිනට නියම කර ඇති අංක 7 දරන අයිතමය බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2026 මැයි මස 06 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 බේරාගැනීම, පුනරුත්ථාපනය සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත,— දෙවැනිවර කියවීම
(2026.04.10 දින නිකුත් කළ අංක 144 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 85 බලන්න)
 

2026 මැයි මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 (i) ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(ii) මෝටර් වාහන පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2026.04.10 දින නිකුත් කළ අංක 3(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.05.05 දිනට නියම කර ඇති අංක 8 සහ 9 දරන අයිතමයන් බලන්න)
(iii) (351 අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග - අනුමත කිරීමට
(මෙම නියෝග 2026.05.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති අතර, ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා 2026.05.07 දින නිකුත් කිරීමට නියමිත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 1.00 සිට ප.ව. 5.30 (i) මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට
(අදාළ නියෝගය ගරු ජනාධිපතිතුමා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළහොත්)
(ii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට
(අදාළ ප්‍රකාශනය ගරු ජනාධිපතිතුමා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළහොත්)
 

2026 මැයි මස 08 වැනි සිකුරාදා

පෙ.ව. 11.55 වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක, අතිගරු ටෝ ලාම් මහතා විසින් පාර්ලිමේන්තුව ඇමතීම
ප.ව. 12.40 පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීම
ප.ව. 1.30 පාර්ලිමේන්තුව යළි රැස් වේ
ප.ව. 1.30 සිට ප.ව. 5.30

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —
(i) ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම
(ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා)
(ii) වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීම
(ගරු චමින්ද වි‍ජේසිරි මහතා)
(iii) සංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන ගැටළු විසඳීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම
(ගරු රවී කරුණානායක මහතා)
(iv) බිම් මට්ටමේ පවතින සියලුම‍ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම
(ගරු ලාල් ප්‍රේමනාත් මහතා) 
(v) මහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම
(ගරු රෝහණ බංඩාර මහතා)
(vi) ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට ය‍ටත් කිරීම
(ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා) 
(vii) ෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශවල‍ට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම
(ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා)

 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks