02

E   |     |  

මාර්තු මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

2026 පෙබරවාරි මස 18 සහ මාර්තු මස 3 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2026 මාර්තු මස 03 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 විදේශ විනිමය පනත යටතේ නියමය – අනුමත කිරීමට 
(මෙම නියමය 2026.02.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2026.02.20 දින නිකුත් කිරීමට නියමිත අංක 3(7) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2026 මාර්තු මස 04 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2026.02.18 දින අංක 131 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 9 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 
2026 මාර්තු මස 05 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පවත්වන කල් තැබීමේ විවාදය
 
2026 මාර්තු මස 06 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව - අනුමත කිරීමට
(2025.08.26 දිනැති අංක‍ 2477/46 දරන අති විශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2026.03.06 දින අංක 137 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)

ප.ව. 5.00අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - විවාදයකින් තොරව අනුමත කිරීමට
(2026.02.28 දිනැති අංක‍ 2477/47 දරන අති විශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2026.03.06 දින අංක 137 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks