01

E   |     |  

 දිනය: 2017-06-20   පිළිතුර ලබා දී ඇත 

1681/2017: මඩකළපුව-එරාවුර් නව මාර්ගයේ ඉදිකිරීම්: කඩිනම් කිරීම

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      මඩකලපුව - වාලච්චේන මාර්ගයට සමාන්තරව මුහුදු වෙරළ දිගේ මඩකලපුව බාර් ප්‍රදීපාගාර මංසන්ධියේ සිට කල්කුඩා දක්වා, එරාවුර් පිටවීම තෙක් අර්ධ වශයෙන් ඉදි කරන ලද මාර්ගයක් පවතින බවත්;

(ii) මෙම මාර්ගය මඩකලපුව - වාලච්චේන මාර්ගයේ රථවාහන තදබදය අඩු කරන අතර මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තවත් ආයතන කිහිපයක් මෙම මාර්ගයට ආසන්නයේ ඉදි වෙමින් පවතින බැවින් ජනතාවට පහසුවක් වන බවත්;

(iii) මුහුදු වෙරළ ඔස්සේ මෙම මාර්ගයෙන් පාසිකුඩා බොක්ක දක්වා ගමන් කිරීම දේශීය සහ විදේශීය සංචාරකයන්ට පහසුවක් බවත්;

(iv) ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන ධීවරයන්ට මෙය පහසුවක් වන බවත්;

(v) යළි පදිංචි කළ ගම්මානයක් වන තිරෙයිමඩුහි පදිංචිකරුවන්ට ඉන් ප්‍රතිලාභ අත්වන බවත්;

 

(vi) මෙම මාර්ගය දෙපස සංචාරක හෝටල් සහ වෙනත් ආයතන ඉදිකිරීමට  ආයෝජකයන්ව දිරි ගන්වනු ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉහත සඳහන් කරන ලද කරුණු සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස උපදෙස් දෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-20

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2017-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks