E   |     |  

 දිනය: 2015-04-07   පිළිතුර ලබා දී ඇත 

5578/2015: බොරැල්ල ආයුර්වේද රෝහල: ඇඳන්

5578/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       2006 වර්ෂයේදී  බොරැල්ල ආයුර්වේද රෝහලෙහි නේවාසික රෝගීන් සඳහා තිබූ ඇඳන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       මේ වන විට එම රෝහලෙහි නේවාසික රෝගීන් සඳහා ඇති ඇඳන් සංඛ්‍යාව කොපමණද;

  (iii)  ‍2006 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ එම රෝහලේ තිබූ ඇඳන් සංඛ්‍යාව අඩු වී තිබේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  නාගරික සංවර්ධන අධිකාරිය විසින් වර්ෂ 2020ට අදාළව සකසා ඇති  කොළඹ නාගරික  සැලැස්ම තුළ  ‍බොරැල්ල ආයුර්වේද රෝහල අන්තර්ගත වී තිබේද;

  (ii)  නොඑසේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-07

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)  (i)       ඇඳන් 380 යි.

      (ii)       ඇඳන් 195 යි.

     (iii)       බොරැල්ල ආයුර්වේද රෝහලෙහි සංවර්ධන කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලද සංදේශයට 1996.01.10 අනුමැතිය ලැබුණු අතර ඒ අනුව  II වෙනි අදියරින් මෙම රෝහල සංවර්ධනය කිරීමට නියමිත අතර එම සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා පැරණි ගොඩනැඟිලි ඉවත් කරන ලදී. ඒ අනුව ඇඳන් සංඛ්‍යාව අඩු වී ඇත.

(ආ)   (i)     මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් වාචිකව දන්වා සිටියේ බොරැල්ල ආයුර්වේද රෝහල අන්තර්ගතව ඇති බවයි.

      (ii)  අදාළ නොවේ.

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2015-06-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks