E   |     |  

 දිනය: 2014-08-22   පිළිතුර ලබා දී ඇත 

4907/2014: Prisoners - Mahara Prison

4907/’14

 

ගරු තිස්ස අත්තනායක මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මහර බන්ධනාගාරය තුළ රඳවා සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව; 

            (ii)      ඔවුන් අතරින්  සැකකරුවන් ලෙස එහි රඳවා සිටින සංඛ්‍යාව;

           (iii)   සිරකරුවන් ලෙස රඳවා සිටින සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මහර බන්ධනාගාරයේ “එල්”  සහ “එන්” යන රැඳවුම් ශාලා දෙක සැකකරුවන්  රඳවා තැබීමට යොදා ගන්නා බවත්;

(ii) එම ශාලාවල අධික තදබදයක් පවතින බවත්;

(iii) එහි වැසිකිළි පහසුකම් සහ බීමට හා නෑමට අවශ්‍ය ජල පහසුකම් අවම මට්ටමක පවතින බවත්;

(iv) ඉහත තත්ත්වයන් හේතුවෙන් එම ශාලාවල රැඳවියන් ඉතා පීඩාකාරී තත්ත්වයකට පත්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) මහර බන්ධනාගාරයේ රැඳවුම් ස්ථාන තුළ පවත්නා තදබදය අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) (i) මහර බන්ධනාගාරයේ වත්මන් අධිකාරීවරයාගේ  නම කවරේද;

(ii) එම බන්ධනාගාරය තුළ සේවය කරනු ලබන මුළු සේවක පිරිස කොපමණද;

(iii) මහර බන්ධනාගාරයේ අධිකාරීවරයා ඇතුළු සේවක පිරිස එහි රැඳවියන්ට  අමානුෂික ආකාරයෙන් සලකන බවට වන චෝදනාවෙහි කිසියම් සත්‍යතාවයක් තිබේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන  ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-22

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks