පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4752/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල, මල්ලවපිටිය සිට රිදීගම දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරන්නේද;
(ii) ඒ සඳහා ගත වන කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-19
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, වරාය හා නාවික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
කුරුණෑගල මල්ලවපිටිය සිට රිදීගම මාර්ගය ලෙස සඳහන් කර ඇත්තේ මල්ලවපිටිය - රම්බඩගල්ල - කැප්පිටිගල (B264) මාර්ගයේ පිහිටි කොටසකි. මෙම මාර්ගය - කිලෝමීටර් 33ක දුර ප්‍රමාණය - දේශීය බැංකු ණය ආධාර යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට කටයුතු කරනු ලැබේ.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය පහත සඳහන් පරිදි කොන්ත්‍රාත් 2ක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
පළමු කොන්ත්‍රාත්තුව
කිලෝමීටර් 10+000 සිට කිලෝමීටර් 15+750 දක්වා සහ කිලෝමීටර් 20+250 සිට 37+810 දක්වා පළමු කොන්ත්‍රාත්තුව.
දෙවන කොන්ත්‍රාත්තුව
කිලෝමීටර් 0+000 සිට කිලෝමීටර් 10+000 දක්වා දෙවන කොන්ත්‍රාත්තුව.
(ii) මේ වන විට අදාළ ඇස්තමේන්තු සකස් කර ටෙන්ඩර් ප්‍රදානය කිරීම සඳහා මිල ගණන් කැඳවා ඇත.
මෙතෙක් සංවර්ධන කටයුතු ආරම්භ කර නැත. නමුත් කොන්ත්‍රාත්තුවේ සඳහන් කාලසීමාව පහත පරිදි වේ.
පළමු කොන්ත්‍රාත්තුව සඳහා ගත වන කාල සීමාව මාස 24යි.
දෙවන කොන්ත්‍රාත්තුව සඳහා ගත වන කාල සීමාව මාස 15යි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks