පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2007/2024
ගරු මයන්ත දිසානායක මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි කුඹුරු පුරන්වීම, ආහාර නිෂ්පාදනය අඩුවීමට හේතු වී තිබෙන බව දන්නේද;
(ii) පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා යෝජනා කර ඇති වැඩපිළිවෙළ කවරේද;
(iii) ගොවීන් වී ගොවිතැනින් ඉවත් වීම හේතුවෙන් කුඹුරු පුරන් වී ඇති බව පිළිගන්නේද;
(iv) ගොවීන් වී ගොවිතැනින් ඉවත් වීම සඳහා බලපාන හේතු කවරේද;
(v) එම හේතු සඳහා ලබා දී ඇති විසඳුම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වී ගොවිතැනට අදාළව අමාත්‍යාංශ මට්ටමින්, පළාත් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් සිටින නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේද;
(iii) එසේ නම්, එම ප්‍රතිපත්තිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-13
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) · ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේදී පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක විය.
· 2023 වර්ෂයේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පුරන් කුඹුරු අක්කර 3,809.15ක් වගා කිරීම සඳහා ඉලක්ක කරන ලද අතර වර්ෂය තුළ අස්වද්දන ලද අක්කර ප්‍රමාණය අක්කර 2,985.76කි.
· 2023 වර්ෂයේදී පුරන් කුඹුරු වගා ඉලක්කය සහ වගා ප්‍රගතිය දිස්ත්‍රික් මට්ටමින් පහත අයුරින් සඳහන් කළ හැක.
|
අනු අංකය |
දිස්ත්‍රික්කය |
මුළු වගා ඉලක්කය (අක්කර) |
මුළු වගා ප්‍රගතිය (අක්කර) |
|
1. |
කොළඹ |
170.30 |
170.30 |
|
2. |
ගම්පහ |
138.01 |
108.76 |
|
3. |
කළුතර |
351.44 |
235.52 |
|
4. |
මහනුවර |
289.59 |
284.06 |
|
5. |
මාතලේ |
49.76 |
49.51 |
|
6. |
නුවරඑළිය |
72.41 |
37.48 |
|
7. |
ගාල්ල |
457.76 |
136.08 |
|
8. |
මාතර |
338.62 |
338.62 |
|
9. |
හම්බන්තොට |
|
|
|
10. |
යාපනය |
73.52 |
73.52 |
|
11. |
වවුනියාව |
247.15 |
170.00 |
|
12. |
මුලතිව් |
|
|
|
13. |
මන්නාරම |
318.25 |
318.25 |
|
14. |
කිලිනොච්චිය |
|
|
|
15. |
මඩකලපුව |
|
|
|
16. |
අම්පාර |
|
|
|
17. |
ත්‍රිකුණාමලය |
|
|
|
18. |
අනුරාධපුරය |
|
|
|
19. |
පොළොන්නරුව |
|
|
|
20. |
කුරුණෑගල |
127.00 |
122.00 |
|
21. |
පුත්තලම |
85.23 |
68.23 |
|
22. |
බදුල්ල |
40.00 |
20.00 |
|
23. |
මොනරාගල |
|
|
|
24. |
රත්නපුර |
648.79 |
586.39 |
|
25. |
කෑගල්ල |
401.32 |
267.04 |
|
එකතුව |
3809.15 |
2985.76 |
|
· තවද, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය දැනට දියත් කරන ව්‍යාපෘති යෝජනාවක් - Participatory conservation and productivity improvement of paddy-based eco system in low country Wet-Zone - ඔස්සේ පහත දැක්වෙන ක්‍රියාකාරකම් යෝජනා කර ඇත.
o සෑම යායකටම සුදුසු භූමි භාවිතාව අනුව කුඹුරු නැවත වර්ගීකරණය කර කුඹුරු පුරන්වීම වැළැක්වීමට විකල්ප සහිත යාය සංවර්ධන සැලැස්මක් බැගින් සකස් කිරීම.
o යාය සංවර්ධන සැලැස්ම දියත් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම ඔස්සේ වී වගා කළ හැකි A කාණ්ඩයේ සියලු කුඹුරුවල වී වගා කිරීම.
o වී වගා කළ නොහැකි කුඹුරුවල තෙත් බිම් පරිසරය සුරැකෙන වෙනත් සුදුසු කෘෂි කාර්මික භූමි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීම.
o යාය සංවර්ධන සැලැස්මට අනුව වගා නොකරන කුඹුරු ඉඩම්වල භුක්තිය නිර්දේශිත භූමි භාවිතවලට යොදා ගැනීම සඳහා තරුණ, කාන්තා හා වෙනත් ගොවි සංවිධාන වැනි පාර්ශ්ව වෙත පැවරීම.
o වී වගාවේ නිෂ්පාදකතාව ඉහළ නැංවීමට සහ වියදම අඩු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිර්දේශ ජනගත කිරීම සහ භාවිතය සඳහා පහසුකම් සැලසීම.
o වෙළෙඳ පොළ ඉලක්කගත වී වගා වැඩසටහන්, එනම් දිගු දින වී වර්ග වගා කිරීම හා කාබනික වී ගොවිතැන වැනි විකල්ප දියත් කිරීම සඳහා පහසුකම් සැලසීම.
o පෝෂණ ගුණයෙන් ඉහළ කීර/කොළ සහ එළවලු, එනම් කතුරුමුරුංගා, රණවරා, මුරුංගා, නිවිති, තම්පලා, කොහිල යනාදී භෝග සෞඛ්‍යාරක්ෂිතව වගා කිරීමේ වටිනාකම ජනගත කිරීම හා වගා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම මඟින් කීර/කොළ සහ එළවලු වගා පද්ධතිය වඩාත් පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත ආහාර නිෂ්පාදන පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට පියවර ගැනීම.
o පුරන් කුඹුරු ගොඩ කිරීම වැළැක්වීමේ සහ සක්‍රිය කුඹුරු ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.
ඉහත යෝජිත ක්‍රියාකාරකම් මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
(iii) ඔව්.
(iv)
· ගංවතුර සහ ස්වාභාවික ආපදා බලපෑම්
· නාගරීකරණය
· මුහුදු ජලය ඇතුළු වීම
· දුර්වල පාංශු තත්ත්ව (පාංශු පරීක්ෂා කර පොහොර නිර්දේශ
කිරීමේ වැඩ පිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇත.)
· වාරි පද්ධති අබලන් වීම / ජලවහනය දුර්වල වීම සහ ජල
පහසුකම් නොමැති වීම
· ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු
· වන සත්ව හානි
· කුඹුරු යායට ඇතුළුවීමට සහ යන්ත්‍රසූත්‍ර රැගෙන යෑමට කෘෂි මාර්ග පද්ධති නොමැති වීම හා පවතින මාර්ග පද්ධති අවහිර වී තිබීම
· තෙත් කලාපයේ පිහිටි කුඹුරු ඉඩම්වල වාණිජමය වටිනාකම වැඩිවීම, තෙත් කලාපයේ අස්වැන්න වියළි කලාපයට සාපේක්ෂව අඩුවීම, තෙත් කලාපයේ පවතින භූ විෂමතාව හේතුවෙන් කුඹුරු ඉඩම් කුඩා කොටස් කැබලිවලින් යුක්ත වීම නිසා යන්ත්‍රෝපකරණ භාවිතය අපහසු වීම
· මිල අස්ථාවරත්වය වැනි අළෙවිකරණ ගැටලු
(v)
· වී වගා කළ නොහැකි කුඹුරුවල තෙත් බිම් පරිසරය සුරැකෙන වෙනත් සුදුසු කෘෂි කාර්මික භූමි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා සෝජාන් පහසුකම් සැලසීම.
· ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පුරන් කුඹුරුවල විකල්ප භෝග වගා කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
· නිෂ්පාදන වියදම අඩු කිරීම සඳහා යන්ත්‍ර භාවිතය ප්‍රවර්ධනය කිරීම.
· යන්ත්‍රසූත්‍ර භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ලියදි විශාල කිරීම.
· ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වා දීම.
· පැරෂුට් ක්‍රමය භාවිතයෙන් අස්වනු ඉහළ නැංවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
· යාය සංවර්ධන සැලැස්මට අනුව වගා නොකරන කුඹුරු ඉඩම්වල භුක්තිය නිර්දේශිත භූමි භාවිතයට යොදා ගැනීම සඳහා තරුණ, කාන්තා හා වෙනත් ගොවි සංවිධාන වැනි පාර්ශ්වයන් වෙත පැවරීම.
· පාංශු පරීක්ෂා කර පොහොර නිර්දේශ කිරීම.
· මුහුදු ජලය ඇතුළුවීම වැළැක්වීම සඳහා බාධක ඉදිකිරීම හා ලවණ ජලයට ඔරොත්තු දෙන වී ප්‍රභේද හඳුන්වා දීම.
· ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවිජන බැංකු මඟින් ගොවීන් සඳහා වගා ණය ලබා දීම.
(ආ) (i)
· අමාත්‍යාංශ මට්ටමින් වී ගොවිතැන සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) යටතේ කෘෂි සංවර්ධන අංශය ක්‍රියාත්මක වන අතර එහි අධ්‍යක්ෂවරයෙක්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ සංවර්ධන නිලධාරින් සේවය කරයි.
· පළාත් සභා බල ප්‍රදේශවල
o නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් (දිස්ත්‍රික් මට්ටම) - 36
o සහකාර අධ්‍යක්ෂවරුන් (කලාප මට්ටම) - 37
o කෘෂිකර්ම උපදේශකවරුන් (ප්‍රාදේශීය මට්ටම) - 1,418
· අන්තර් පළාත් බල ප්‍රදේශවල
o නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් (දිස්ත්‍රික් මට්ටම) - 6
o සහකාර අධ්‍යක්ෂවරුන් (කලාප මට්ටම) - 3
o කෘෂිකර්ම උපදේශකවරුන් (ප්‍රාදේශීය මට්ටම) - 162
· ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ
o ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරු (දිස්ත්‍රික් මට්ටම) - 15
o ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරු (දිස්ත්‍රික් මට්ටම) - 34
o ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරින් (ප්‍රාදේශීය මට්ටම) - 436
o කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර (ග්‍රාමීය මට්ටම) - 7,118 · මහවැලි සංවර්ධන අධිකාරිය
o ක්ෂේත්‍ර නිලධාරින් - 298
(ii) ඔව්.
(iii) කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින සියලුම ප්‍රතිපත්ති සමාලෝචනය කරමින් තිරසාර හා නවීන කෘෂිකර්ම ක්‍රමවේද භාවිත කරමින් ජාතික ආර්ථිකයට කෘෂි කර්මාන්තය ලබා දෙන දායකත්වය කිහිප ගුණයකින් වැඩි කරමින් හා අපනයනය ඉලක්ක කර ගනිමින් පුළුල් අරමුණක් සහිතව ආහාර භෝග සහ සත්ව ආහාර භෝග සඳහා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කර ඇත.
මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික පසු අස්වනු ආයතනය, ජාතික ගොවි සංවිධාන මණ්ඩලය සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨ නියෝජනය කරමින් විද්වත් කමිටුවක් මඟින් සිදු කරන ලදී.
මෙම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ කෙටුම්පත තේමා 10ක් යටතේ ප්‍රතිපත්ති ප්‍රකාශන 15ක් මඟින් ප්‍රධාන ඉලක්ක 12ක් සපුරා ගැනීම සඳහා සකස් කර අනතුරුව මහජන අදහස් හා යෝජනා ලබා ගන්නා ලදී. ඉන් අනතුරුව ගොවි සංවිධාන, පෞද්ගලික අංශය, විශ්වවිද්‍යාල ආචාර්යවරු, රජයේ නිලධාරින්, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර අදහස් හා යෝජනා ලබා ගෙන එම යෝජනා නැවත සමාලෝචනය කර මෙම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසාන වාර්තාව සකස් කර ඇත.
ඒ අනුව මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පරිදි අවසන් වාර්තාව මඟින් යෝජිත ප්‍රතිපත්ති පුළුල් සාර්ව ආර්ථික හා සමාජයීය අරමුණු සමඟ පෙළ ගැසී ඇති බව සහතික කරනු වස් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසු නැවත සංශෝධනය කරමින් පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-05-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks