පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1688/2023
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වවුනියාව-සෙට්ටිකුලම් මූලික රෝහලෙන් පවුල් 8,614කට අයත් පුද්ගලයින් 28,201ක් පමණ වෛද්‍ය සේවාවන් ලබා ගනු ලබන බවත්;
(ii) එම රෝහලේ මුලික පහසුකම් නොමැති වීමෙන් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට එම ජනතාවට කි.මි. 40ක් පමණ දුරින් පිහිටි වවුනියාව රෝහලට යාමට සිදු වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) සෙට්ටිකුලම් මූලික රෝහලේ අංක 1,2,3,4,5 හා 6 යන වාට්ටු ගොඩනැගිලි, රසායනාගාර සහ සායනික කටයුතු පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල පැරණි බවත්;
(ii) සෙට්ටිකුලම් රෝහලේ මෘත ශරීරාගාරයක් පැවතියද, එහි අධිකරණ වෛද්‍යවරයෙකු සහ හදිසි මරණ පරීක්ෂකවරයෙකු නොමැති බවත්;
(iii) ඒ හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘතදේහ වවුනියාව රෝහල වෙත රැගෙන යාමට සිදු වී ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) එසේ නම්, ඉහත ආ (i)හි සඳහන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට මුදල් වෙන් කරන්නේද;
(ii) එම රෝහලට අධිකරණ වෛද්‍යවරයෙකු සහ හදිසි මරණ පරීක්ෂකවරයෙකු පත් කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-09
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) පුද්ගලයින් 16,082ක් පමණ සෙට්ටිකුලම් මූලික රෝහලෙන් වෛද්‍ය සේවාවන් ලබා ගනු ලබයි.
(ii) නැත.
(ආ) (i) ළමා හා ප්‍රසව වාට්ටු සංකීර්ණ ස්ථිර ගොඩනැගිලි පරිශ්‍රයක පවත්වාගෙන යනු ලබන අතර, 2009 වසරේ ඉදි කරන ලද තාවකාලික වාට්ටු පරිශ්‍රයක රෝහලේ අනෙකුත් වාට්ටු පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම නව ගොඩනැගිල්ලක රෝහල් රසායනාගාරය ස්ථාපිත කර ඇත.
(ii) සෙට්ටිකුලම් මූලික රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළත අධිකරණ වෛද්‍ය නිලධාරි තනතුර අනුමත වී නොමැත.
(iii) ඔව්.
(ඇ) (i) රටෙහි දැනට පවත්නා ආර්ථික තත්ත්වය හමුවේ නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති අතර, ඉදිරියේ දී මේ පිළිබඳව සලකා බැලිය හැක.
(ii) ඉදිරියේදී අධිකරණ වෛද්‍ය නිලධාරි තනතුර අනුමත කරවා ගැනීමට කටයුතු කරනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks