01

E   |     |  

 දිනය: 2023-12-04   පිළිතුර ලබා දී ඇත 

1553/2023: ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පාඨමාලා: විස්තර

1553/2023

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඉදිරියේදී ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති  සිසුන් සංඛ්‍යාව කොපමණද;

  (ii)       පාඨමාලාව අවසන් කරන ලද විද්‍යාපීඨ සිසුන්ට පත්වීම් ලබා දෙනු ලබන දිනය කවරේද;

(iii) අධ්‍යාපන විද්‍යාපීඨ පාඨමාලා, උපාධි පාඨමාලා බවට පත් කරනු ලබන දිනය කවරේද;

(iv) අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඉදිරියේදී ඇතුළත් කර ගනු ලබන සිසුන්ට උපාධි ප්‍රදානය කිරීමට කටයුතු කරන්නේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-04

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඉදිරියේදී ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති ශික්ෂණලාභීන් සංඛ්‍යාව 6,500කි. (2021 හා 2022 වර්ෂවල අ.පො.ස. උ/පෙළ ප්‍රතිඵල මත)

              (ii)      අවසාන පරීක්ෂණය සඳහා දෙවන හා තෙවන වරට පෙනී සිටි අසමත් හා ඌන උපාධිධාරින්ගෙන් සමත්වන්නන් සඳහා විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු 2024 පෙබරවාරි මාසයේදී පත්වීම් ලබා දීමට අපේක්ෂා කරන අතර, අවසාන පරීක්ෂණයට පෙනී සිටි දෙවන වසර ශික්ෂණලාභීන් සඳහා සීමාවාසී ගුරු පුහුණුව 2024.12.12 දින අවසන් වීමෙන් පසු පත්වීම් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(iii) ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල බවට උසස් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශයට හා සංකල්ප පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත. මේ සඳහා වන පනත කෙටුම්පත් කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. 2023 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීමට පෙර මෙම කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

(iv) 2023 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත බඳවා ගන්නා ශික්ෂණලාභීන්ගෙන් උපාධි පාඨමාලා ආරම්භ කිරීමට නියමිතය.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks