E   |     |  

 දිනය: 2021-09-24   පිළිතුර ලබා දී ඇත 

0793/2021: රජයේ පාසල්වල ගුරුවරුන් සහ සිසුන්: විස්තර

793/2020

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ඉගෙනුම ලබන මුළු පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       මේ වනවිට රජයේ පාසල්වල සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

            (iii)       ශ්‍රී ලංකාවේ ගුරු-සිසු අනුපාතය කොපමණද;

(iv) ගුරු තුලනයක් ඇතිවන පරිදි ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-09-24

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ඉගෙනුම ලබන මුළු පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් සංඛ්‍යාව 4,063,685කි. 

                        (පාසල් සංගණනය - 2020 අනුව)

              (ii)       මේ වනවිට රජයේ පාසල්වල සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව 236,905කි. 

                        (පාසල් සංගණනය - 2020 අනුව)

             (iii)      ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස ගත් විට ගුරු-සිසු අනුපාතය 1:17කි. එහෙත් විෂයානුබද්ධව පාසල් අනුව මෙම අනුපාතය වෙනස් වේ.

(පාසල් සංගණනය - 2020 අනුව)

(iv) ඔව්.

අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායී අන්දමින් සිදු කළ හැකි පරිදි හා ගුරු-සිසු දෙපිරිසේම සුබසාධනය සැලසෙන පරිදි ජාතික ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය 2007/20 චක්‍රලේඛයට අනුව ජාතික පාසල්හි ගුරු තුලනයක් ඇති වන පරිදි වාර්ෂිකව පහත ක්‍රියාමාර්ග ගනු ලබයි.

සාමාන්‍ය පරිදි සෑම වර්ෂයකම ස්ථාන මාරුවීම් ඉල්ලීමට අභිමත ගුරු භවතුන් සඳහා හා එකම ජාතික පාසලේ වසර 10ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරු භවතුන් සඳහා වාර්ෂික ස්ථාන මාරුවීම් කැඳවීම.

(වර්ෂ 2020, 2021 රටේ පවතින COVID-19) වාතාවරණය හමුවේ පාසල් වසා තැබීම හේතුවෙන් නියමිත කාල වකවානු තුළ එම වාර්ෂික ස්ථාන මාරු කැඳවීමට නොහැකි වීම.)

 

  • එහිදී දැනට රජයේ පාසල්හි අධ්‍යයන කාර්ය මණ්ඩල නිර්ණයට අදාළව ක්‍රියාත්මක 01/2016 චක්‍රලේඛය ප්‍රකාරව විෂයානුබද්ධව පාසල් හි අතිරික්ත වන ගුරු භවතුන් එම විෂයයන්ට ඌනතා සහිත පාසල් වෙත ස්ථාන මාරු කිරීමට කටයුතු කිරීම මඟින් මූලිකවම වාර්ෂික ස්ථාන මාරු මඟින් පාසල්වල ඇති ගුරු ඌනතා හා අතිරික්තතා තුලනයට කටයුතු කිරීම.
  • වසරේ විවිධ කාලවකවානුවල පාසල්හි ගුරු භවතුන් විශ්‍රාම යාම හේතුවෙන් ඇතිවන පුරප්පාඩු සඳහා එම විෂයයන්ට අදාළව අතිරික්තතා සහිත පාසල් මඟින් ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව සේවා අවශ්‍යතා මත ගුරු භවතුන් ලබාදීම.
  • වාර්ෂිකව විශ්‍රාම යන ගුරු භවතුන්ට සාපේක්ෂව නව ගුරු බඳවා ගැනීම මඟින් (ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු භවතුන්) පාසල්හි පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම හා එමඟින් ගුරු තුලනයක් ඇතිවන පරිදි දුෂ්කර/අති දුෂ්කර පළාත්හි වසර ගණන් සේවය කරන ගුරු භවතුන්ට ස්ථාන මාරු ලබා ගැනීමට අවකාශ සැලසීම.
  • පාසල්හි තවදුරටත්, වඩා ප්‍රශස්ත ගුරු තුලනයක් ඇතිවන පරිදිත්, ගුරු සිසු දෙපිරිසේම සුභසාධනය සැලසෙන පරිදිත් මේ වනවිට රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ගුරු වෘත්තීය සංගම් එක්ව ජාතික ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනයට ක්‍රියාමාර්ග ගනිමින් පැවතීම.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-11-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks