01

E   |     |  

 දිනය: 2021-10-05   පිළිතුර ලබා දී ඇත 

0283/2021: දේශීය අල වර්ග: විස්තර

----

අසන ලද දිනය

2021-10-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ මානව පරිභෝජනයට සුදුසු අල වර්ග 120-150ක් පමණ ඇත.

              (ii)       විවිධ ආයතන විසින් විවිධ අවස්ථාවන්හිදී පෝෂණ ගුණ පිළිබඳව පර්යේෂණ සිදු කර ඇත.

             (iii)      I.   කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

                         •    ආහාර පර්යේෂණ ඒකකය (උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ක්‍රියාත්මක වේ.)

II. විශ්වවිද්‍යාල

• පේරාදෙනිය විශ්වවිද්‍යාලය

• සබරගමුව විශ්වවිද්‍යාලය

• වයඹ විශ්වවිද්‍යාලය

• ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

(iv) 02කි.

(v) ඒක දේශික වැල් අල වර්ගවල නම් පහත පරිදි වේ.

1. දහයියා අල - Dioscorea trimenii.

2. කහට ගෝන අල - D. koyamae. ආහාරයට නොගන්නා වර්ගයකි.

(ආ) (i)

• දේශීය අල වර්ගයන්හි සෙසු අල වර්ගයන්ට සාපේක්ෂව (අර්තාපල්, මඤ්ඤොක්කා) විටමින්, ඛනිජ හා ප්‍රෝටීන අඩංගු වේ. ග්ලයිසෙමික් අගය හෙවත් පිෂ්ඨය සීනි බවට පත්වීමේ අගය අඩු වේ. එබැවින්, දියවැඩියාව වැනි තත්ත්වයන්ට යෝග්‍ය වන බව සඳහන් වේ. එසේම, වර්ණවත් අල වර්ගයන්හි (දන්දීල වැනි) ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ මට්ටමක පවතී.

• දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ මෙම අල වර්ග ඖෂධ මෙන්ම කැඳ වර්ග සකස් කිරීම පිණිස භාවිත කරන අතර ආහාරයක් වශයෙන් ද බහුලව භාවිත කරනු ලැබේ.

(ii)

• රසායනික පොහොර භාවිතය හේතුවෙන් අල වර්ග වඳ වන බව විද්‍යාත්මකව සනාථ කර නොමැත.

• ගොවීන් බහුලව වගා කරනු ලබන හා ඉහළ ඉල්ලුමක් ඇති වර්ග ගෙවතු වගා හා කුඩා පරිමාණ වගාවන් වශයෙන් සිදු කරන පරිසර පද්ධතිය හා බද්ධ වූ වගාවන් ලෙස හැඳින්විය හැකි අතර, ඒ සඳහා පොහොර භාවිතය අවම මට්ටමක පවතී.

• නමුත්, වැල් අල වර්ගයන්හි වන දර්ශ - wild relatives - වනාන්තර ආශ්‍රිතව හමු වේ. මෙම වර්ග බෝග වගාවන් වශයෙන් පවත්වාගෙන යාම අපහසු වන අතර, නිසි වර්ධනය සඳහා වනාන්තර පරිසර තත්ත්වයන් අවශ්‍ය වේ. (උදා- කටු අල) වන විනාශය හේතුවෙන් මෙම වන දර්ශ තර්ජනයට පාත්‍රවීම සිදු වේ.

• දේශීය අල වර්ග රාශියක් ඇති නමුත් ජනතාව අතර ජනප්‍රියව පවතින වර්ග කිහිපයකි. මෙම වර්ග ගොවීන් අතර බහුලව දක්නට ඇත. සෙසු වර්ග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ආයතනයන්හි (පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය හා උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය) සංරක්ෂණය කර ඇත.

(iii) ආහාරයට ගන්නා වැල් අල ලෙස දේශීයව හඳුනාගත් වර්ග කිසිවක් වඳ වී ගොස් නොමැත.

(ඇ) (i) ඔව්.

(ii)

I. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ජාන ප්ලාස්ම සංරක්ෂණය කරනු ලැබේ.

II. රෝපණ ද්‍රව්‍ය ගුණනය කර බෙදා හැරීම සිදු කරන අතර වගා කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කෙරේ.

එසේම රත්නපුර, කෑගල්ල, මොනරාගල, හම්බන්තොට වැනි ප්‍රදේශ ආශ්‍රිතව සාම්ප්‍රදායික වැල් අල වගා කරනු ලබන ගම්මාන පවතී. තවද, රෝපණ ද්‍රව්‍ය සපයනු ලබන තවාන් මඟින් අල භෝග වගාව ප්‍රචලිත කිරීමට කටයුතු කර ඇති අතර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ අක්කර 40ක පමණ දේශීය අල භෝග වගාවක් සිදු කර ඇත. අක්කර එකහමාරක පමණ රෝපණ ද්‍රව්‍ය බෙදා හරිනු ලබන තවාන් හා ජාන ප්ලාස්ම එකතුවක්ද ස්ථාපනය කර ඇත.

III. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අල භෝග ප්‍රවර්ධනය හා සම්බන්ධ තොරතුරු පත්‍රිකා හා වගා තොරතුරු ඇතුළත් පොත් බෙදා හැරීම සිදු කරනු ලැබේ.

IV. අගය එකතු කරන ලද නිෂ්පාදන සකස් කිරීම හා කල් තබා ගැනීම සම්බන්ධ පසු අස්වනු තාක්ෂණය ජනතාව වෙත හඳුන්වා දී ඇති අතර දැනටමත් අදාළ පුහුණුලාභින් විසින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යෑම සිදු කෙරේ.

(iii) ඔව්.

දේශීය අල වර්ග අපනයනය කිරීම හා නිෂ්පාදන දියුණු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පහත ක්‍රියා මාර්ග ගෙන තිබේ.

1.  අපනයනය කිරීම සඳහා සුදුසු අල වර්ග හා අපනයන තත්ත්ව පිළිබඳව පර්යේෂණ පැවැත්වීම.

2.  නැවුම්ව නෙළාගත් අල අස්වනු දේශීය සහ අපනයන වෙළෙඳ පොළ වෙත ඉදිරිපත් කළ යුතු ආකාරය හා වෙනත් නිෂ්පාදන සකසා ගනු ලබන ආකාරය පිළිබඳ තාක්ෂණය කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ ආයතනය මඟින් ලබා දීම. (උදා: පිටි සැකසීම, අල භෝග ආශ්‍රිත අගය එකතු කළ ආහාර නිෂ්පාදන හඳුන්වාදීම)

3.  පසු අස්වනු තාක්ෂණය දේශීය හා විදේශීය වෙළෙඳ පොළට සකස් කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කිරීම හා නිර්දේශ ලබා දීම.

4.  මෙම නිෂ්පාදන සැකසීම හා පසු අස්වනු තාක්ෂණය නිෂ්පාදකයන්ට පුහුණු වැඩමුළු මඟින් ලබා දීමට කටයුතු කර ඇත.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-10-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks