பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-03-06
கேட்டவர்
கௌரவ அநுர திசாநாயக்க, பா.உ.
அமைச்சு
நிதி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) (i) කුලී පදනම මත බාහිර මිනිස්බල සැපයුම් ආයතන මඟින් බැංකුවට අනුයුක්තව සේවය කළ කාර්යාල කාර්ය සහායක ඇතුළුව සියලුම සේවා කාණ්ඩ පිළිබඳ (ආරක්ෂක සේවාවන් හැර) විස්තර සේවක මණ්ඩල කළමනාකරුගේ අංක 07/2012 දරන 2012.02.14 දිනැති උපදෙස් ලිපිය මඟින් ආකෘති පත්‍රයකට අනුව කැඳවා ඇත.
(ii) කාර්යාල කාර්ය සහායක තනතුරෙහි 2012.02.28 දිනට වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද හා අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට ඇති සේවකයින් කොන්ත්‍රාත් පදනම මත කාර්යාල කාර්ය සහායක තනතුරට බඳවා ගැනීම සලකා බැලීම පිණිස ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය මඟින් 2012.03.18 දින ලිඛිත පරීක්ෂණයක් පවත්වන ලදී.
(iii) අවශ්‍ය අවම සුදුසුකම් සපුරා තිබූ 218දෙනෙකු ඉහත කී විභාගයට පෙනී සිට ඇත.
(ආ) (i) ඉහත සඳහන් සේවකයින් අනුයුක්තව සිටි අංශයන්හි අංශ ප්‍රධානීන්ගෙන්ද, ශාඛාවල කළමනාකරුවන්ගෙන්ද ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඇගයීම් පිළිබඳ වාර්තා කැඳවන ලදී.
(ii) සේවක මණ්ඩල කළමනාකරුගේ 2012.05.04 දිනැති ලිපිය මඟින් ඉහත අංක (ආ)(i)හි සඳහන් වාර්තා 2012.05.25 දිනට ප්‍රථම සේවක මණ්ඩල කළමනාකරු වෙත ලැබීමට සලස්වන ලෙස අදාළ අංශ ප්‍රධානීන් / ශාඛා කළමනාකරුවන් වෙත දන්වා ඇත.
(iii) මේ සේවකයින් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කර නොමැත.
(iv) එවකට කටයුතු කළ සභාපතිතුමා 2012.05.21 දින ඉල්ලා අස් වීමෙන් පසු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පත් කරන ලද අතර, ඒ පිළිබඳව තව දුරටත් කටයුතු කර නොමැත.
(ඇ) පැන නොනඟී.
பதில் தேதி
2015-03-06
பதில் அளித்தார்
கௌரவ கயந்த கருணாதிலக்க, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks