பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
கௌரவ ஹேஷான் விதானகே,— பிரதம அமைச்சரும் தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார அலுவல்கள் அமைச்சருமானரைக் கேட்பதற்கு,—
(அ) (i) இலங்கை மகாவலி அதிகாரசபைக்கு சொந்தமான காணிகளில் மணல் அகழ்வு நடவடிக்கைகளுக்கு அனுமதி வழங்கும் முறையியல் யாது;
(ii) வளவ வலயத்தில் மணல் அகழ்வு உரிமப்பத்திரம் பெற்றவர்களின் பெயர்ப்பட்டியலைச் சமர்ப்பிப்பாரா;
(iii) இந்த வலயத்தில் அத்துமீறிய மணல் அகழ்வு பெருமளவில் இடம்பெறுகின்றதென்பதை ஏற்றுக்கொள்கிறாரா;
(iv) இந்த நிலைமையைத் தடுப்பதற்காக இன்றளவில் மேற்கொள்ளப்பட்டுள்ள நடவடிக்கைகள் யாவை;
என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(ஆ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2017-08-23
கேட்டவர்
கௌரவ ஹேஷா விதானகே அங்கும்புர ஆரச்சி, பா.உ.
அமைச்சு
----
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 3(1) වගන්තිය යටතේ විශේෂ බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බල ප්‍රදේශයන්, කැලෑ ආඥා පනත ක්‍රියාත්මක කිරීමේ දී, කැලෑ නිෂ්පාදන ලබා ගන්නා ඉඩම හා ප්‍රවේශ මාර්ග ඇතුළු අනෙකුත් භෞතික සම්පත් පරිහරණය වෙනුවෙන් ඉඩම් පරිහරණ ගාස්තු අය කිරීම හා අදාළ ඉඩම්වලින් බදු අය කිරීමේ බලය ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 22 වන වගන්තිය හා 13 වන වගන්තීන්වල බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට හිමි වන අතර, එම ඛනිජ ද්‍රව්‍ය ඉවත් කිරීමට අවසර ලබා දීමේ දී දැනට අනුගමනය කරන ක්‍රියාමාර්ග පහත පරිදි වේ.
සියලුම ඛනිජ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ලැබෙන ඉල්ලීම් අදාළ මහවැලි බලප්‍රදේශයේ කලාපීය භෞතික සැලසුම් කමිටුව සඳහා යොමු කරනු ලබන අතර, එහිදී මූලිකව අදාළ ඉඩම් කොටස් අයත් ප්‍රදේශයේ ඒකක කළමනාකාර / ඉඩම් නිලධාරි විසින් යෝජිත ඉඩම් පිළිබඳ මූලික තොරතුරු ඉඩමේ වර්තමාන තත්ත්වය හා යෝජිත ඉඩමට ආසන්නව පිහිටි ඉඩම් කොටස්වල ඉඩම් පරිහරණය පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි.
· ඉන් අනතුරුව අදාළ මහවැලි බල ප්‍රදේශයේ කලාපීය කමිටු නිර්දේශ ලබා දීම සඳහා යොමු කරවනු ලබන අතර, කලාපයේ තාක්ෂණ සේවා, මානව හා ආයතනික සංවර්ධන, කෘෂි, ඉඩම්, ඉඩම් පරිහරණ සැලසුම්, ව්‍යාපාර සංවර්ධන යන අංශවලට අයත් විෂයය පිළිබඳ දැනුවත් නිලධාරින් විසින් අදාළ ඉඩම් කොටස් පෞද්ගලිකව පරීක්ෂා කර බලා ඒ ඒ නිර්ණායකයන් පිළිබඳව අධ්‍යයනය කොට ඉල්ලීම් කර ඇති ඉඩම් කොටස ලබා දීම පිළිබඳව ඔවුන්ගේ යෝජනා හා නිර්දේශ ලබා දේ.
· එසේම, මහවැලි බල ප්‍රදේශයේ කලාපීය භෞතික සැලසුම් ශිල්පී විසින් අදාළ බිම් කොටස මූලික සැලසුම්වල වෙන් කර ඇති ඉඩම් පරිහරණය සහ දැනට එහි පවතින යාබද ඉඩම් පරිහරණයට වන අනුකූලතා හා බලපෑම් ආදී තොරතුරු පදනම් කර ගනිමින් අදාළ ඉඩම් කොටස් බැහැර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ (ඉඩම් පරිහරණ සැලසුම්)ගේ නිර්දේශය ලබා දීම ප්‍රධාන කාර්යාලයේ ඉඩම් පරිහරණ සැලසුම් අංශය මගින් සිදු කරනු ලබයි.
(ii) වලව කලාපය තුළ වැලි කැනීම් බලපත්‍රලාභීන්ගේ නාම ලේඛනය ඇමුණුම (01) ලෙස අමුණා ඇත.
මම එම ඇමුණුම සභාගත* කරනවා.
(iii) මෙම කලාපය තුළ අනවසර වැලි කැනීම් සිදු වේ.
(iv) වලව කලාපය තුළ සිදුවන අනවසර වැලි කැනීම් පාලනය කිරීම සඳහා අදාළ සියලුම චක්‍රලේඛ හා උපදෙස් අනුව කටයුතු කළ යුතු බවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වලව නේවාසික කළමනාකරු වෙත දන්වා ඇති අතර, නිසි අධීක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම පිළිබඳව ද උපදෙස් නිකුත් කර ඇත.
(ආ) පැන නොනඟී.
பதில் தேதி
2017-08-23
பதில் அளித்தார்
கௌரவ சட்டத்தரணி அநுராத ஜயரத்ன, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks