01

E   |   සි   |  

 திகதி: 2015-03-20   பதிலளிக்கப்பட்டவைகள் 

5692/2015: திருமதி யஸவதி குமாரிஹாமி ஜயசுந்தர : கமக்காரர் ஓய்வூதியம்

----

கேட்கப்பட்ட திகதி

2015-03-20

கேட்டவர்

கௌரவ அநுர திசாநாயக்க, பா.உ.

அமைச்சு

நிதி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(ආ)         (i)      උඩුකිඳ, මිලාවල, කරගහඋල්පත යන ලිපිනයේ පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ යසවතී කුමාරහාමි ජයසුන්දර මහත්මිය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අංක බීඩී  3711 යටතේ ලියාපදිංචි වී ඇත.   

              (ii)      සුදුසුකම් ලබා ඇත.      

             (iii)      2014 ජනවාරි මස සිට 2015 පෙබරවාරි මස දක්වා ඇයට ගොවි  විශ්‍රාම වැටුප් ගෙවා ඇත. 2014 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා විශ්‍රාම වැටුප් වශයෙන් රුපියල් 13,750ක මුදලක් මහජන බැංකුවේ  අංක 275130 දරන චෙක්පත මඟින් 2014.12.08 දින ගෙවා ඇති අතර 2014 දෙසැම්බර්  මාසයේ සිට අදාළ විශ්‍රාම වැටුප ඇයගේ ඉල්ලීම මත මැඳවෙල, උඩුකිඳ උප තැපැල් කාර්යාලය හරහා ගෙවා‍ ඇත.

(ඇ) පැන නොනඟී.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ) ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු සුදුසුකම් අංක 1853/49 දරන 2014.03.14 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ 2 වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.  ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට බැඳීමට අදහස් කරනු ලබන සෑම ගොවියෙකුම-

  • · ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  • · යෝජනා ක්‍රමයට බැඳීම සඳහා පනතේ 4 වැනි වගන්තිය යටතේ සුදුස්සකු විය යුතුය.

(වයස් සීමාව 18 - 59 විය යුතුය.)

  • · හිමිකරුවකු, බදුකරුවකු, අඳ ගොවියකු හෝ හිමිකරුවකුගේ අධිකාරිය යටතේ වගා කරනු ලබන තැනැත්තෙකු සහ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත හෝ (464 වන අධිකාරිය වූ) ඉඩම් සංවර්ධන ආඥාපනත හෝ රජයේ (460 වන අධිකාරිය වූ) ඉඩම් ආඥාපනත යටතේ බලයලත් නිලධරයෙකු විසින් ගොවියකු වශයෙන් තහවුරු කරන ලද තැනැත්තෙකු විය යුතුය; හෝ
  • · මුදලින් හෝ ද්‍රව්‍යවලින් වේතන ලබන ඉහත සඳහන් තැනැත්තෙකුගේ සේවා නියුක්තයකු වන තැනැත්තෙකු විය යුතුය; සහ
  • · ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන යම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක හෝ 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් යටතේ පිහිටුවන ලද සේවක අර්ථ සාධක අරමුදල යටතේ ප්‍රතිලාභ ලබන අයකු නොවිය යුතුය.

பதில் தேதி

2015-03-20

பதில் அளித்தார்

கௌரவ கயந்த கருணாதிலக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks