பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-03-03
கேட்டவர்
கௌரவ சுனில் ஹந்துன்னெத்தி, பா.உ.
அமைச்சு
நிதி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්. 1990.03.23 දින ගරු ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කරන ලද කථාව ඇතුළත් හැන්සාඩ් වාර්තාවෙන් මෙය තහවුරු වී ඇත. ඇමුණුම* බලන්න.
(ii) වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයෙන් ඒ සම්බන්ධව විමසා බැලූ අතර, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය වසා දැමීමෙන් පසු සේවකයන්ට ලබා දී ඇති වන්දි මුදල් පිළිබඳව විස්තර ඇතුළත් ලිපිගොනු සොයා ගැනීම අපහසු බව දන්වා ඇත. මේ සම්බන්ධව ගත යුතු පියවර ගනිමින් සිටින බවත් එම අමාත්‍යාංශය දන්වා ඇත.
(iii) ඉහත (ii) පිළිතුර අදාළ වේ.
(ආ) වන්දි මුදල් ගෙවීම පිළිබඳ තොරතුරු කිසිවක් නොමැත.
(ඇ) (i) ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය ඈවර කිරීම හේතුකොටගෙන රැකියා අහිමි වූ, දස වසරකට නො අඩු සේවා කාලයක් තිබූ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් පදිංචිව සිටි නිවාස ලබා දීම සඳහා 2012.05.04වන දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඊට අදාළ තොරතුරු පහත පරිදි වේ.
1 සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 193කි.
2. මේ වන විට දීමනා පත්‍ර ලබා දී ඇති සංඛ්‍යාව 107කි.
3. ඒ අනුව තවදුරටත් කටයුතු කිරීමට ඉතිරිව සිටින පුද්ගලයන් 86 දෙනාගෙන් 78 දෙනෙකු ඉදිරිපත් කර ඇති තොරතුරුවල විවිධ ගැටලු පවතී. ඒ සඳහා වරින් වර තොරතුරු ලැබෙන ආකාරයට ඉදිරි කටයුතු කරනු ලැබේ. රේඛා චිත්‍ර සටහන් නොලැබුණු පුද්ගලයන් 05 දෙනකු හා තක්සේරු මුදල් නොගෙවූ 03 දෙනෙකු සඳහා ඔප්පු ලබා දීමට ඇත.
මීට අමතරව, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ නිවාසවල පදිංචිව සිටි වෙනත් පුද්ගලයන් විසින් කරන ලද ඉල්ලීම් අනුව නැවත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම අනුමැතිය අනුව, පහත සඳහන් 1 සිට 4 දක්වා වූ කාණ්ඩයන්ට අයත් 347 දෙනෙකු සඳහා සුදුසුකම් ලබන පරිදි දීමනා පත්‍ර හෝ බදු පදනම මත බදු බලපත්‍ර යටතේ නිවාස ඉඩම් බැහැර කිරීමට කටයුතු කරනු ලැබේ.
1. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවකයන් ලෙස මහවැලි සංවර්ධන අධිකාරියට අන්තර්ග්‍රහණය කිරීමෙන් පසු විශ්‍රාම ගිය සේවකයන් - 95
2. පළමු හා දෙවන අමාත්‍ය මණ්ඩල සංදේශවලට අනුකූල නොවන, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ නිවාසවල පදිංචි පුද්ගලයන් - 122
3. ගංගා නිම්න සංවර්ධන සේවකයන් ලෙස සිටි නමුත් නිවාස වෙනත් අයට අන් සතු කර නිවාස භුක්තිය දරන බාහිර පුද්ගලයන් - 47
4. මුල් අමාත්‍ය මණ්ඩල සංදේශයේ බදු පදනම මත ඉඩම් ලබා දීමට තීරණය වූ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය ඈවර කරන විට විශ්‍රාම ලැබූ හෝ ඉල්ලා අස්වූ පුද්ගලයන් - 83
(ii) ඉහත (ඇ) (i) පිළිතුර අදාළ වේ.
(ඈ) පැන නොනඟී.
பதில் தேதி
2015-04-09
பதில் அளித்தார்
கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks