01

E   |   සි   |  

 திகதி: 2013-07-11   பதிலளிக்கப்பட்டவைகள் 

3513/2013: திப்பட்டுமுல்ல கனிஷ்ட வித்தியாலயம் : காணி மற்றும் கட்டிடங்கள்

3513/ ’13

கௌரவ வசந்த அலுவிஹாரே,—  கல்வி அமைச்சரைக் கேட்பதற்கு,—

(அ)    (i)     மாத்தளை மாவட்டத்தின் உக்குவெல பிரதேச செயலாளர் பிரிவைச் சேர்ந்த திப்பட்டுமுல்ல கனிஷ்ட வித்தியாலயம் பல வருடங்களாக மூடப்பட்டுள்ளதென்பதையும்;

           (ii)    மேற்படி வித்தியாலய வளவு மற்றும் கட்டடங்கள் சம்பந்தமாக மாகாண சபையோ மத்திய அரசாங்கமோ இற்றைவரை எவ்விதமான கவனமும் செலுத்தவில்லையென்பதையும்;

(iii) இதன் காரணமாக ஒருசிலர் வித்தியாலய வளவினை கைப்பற்றியுள்ளனர் என்பதையும்

அவர் அறிவாரா?

(ஆ) 1975 ஆம் ஆண்டில் ஆரம்பிக்கப்பட்ட மேற்படி வித்தியாலயத்திற்குச் சொந்தமான காணியளவு, கட்டடங்களின் எண்ணிக்கை மற்றும் ஏனைய பௌதீக வளங்கள் யாவை என்பதை தனித்தனியாக அவர் குறிப்பிடுவாரா?

(இ) திப்பட்டுமுல்ல கனிஷ்ட வித்தியாலயம்

(i) மூடப்பட்ட திகதி;

(ii) மூடப்பட்ட வேளையில் கல்வி பயின்ற மாணவர் எண்ணிக்கை மற்றும் சேவையாற்றிய ஆசிரியர் எண்ணிக்கை;

(iii) மூடப்பட்டமைக்கான காரணங்கள்;

யாவை என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஈ) மூடப்பட்டுள்ள இப்பாடசாலையை அபிவிருத்திசெய்து மீண்டும் ஆரம்பிக்க அல்லது பாடசாலை வளவினையும் அதன் கட்டடங்களையும் வேறு பயனுள்ள பணிக்காக ஈடுபடுத்த நடவடிக்கை எடுப்பாரா என்பதையும் அவர் குறிப்பிடுவாரா?

(உ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2013-07-11

கேட்டவர்

கௌரவ வசந்த அலுவிஹாரே, பா.உ.

அமைச்சு

கல்வி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

ගරු බන්දුල ගුණවර්ධන මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு பந்துல குணவர்தன - கல்வி  அமைச்சர்)

(The Hon. Bandula Gunawardane - Minister of Education)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      අපේ රජයේ ප්‍රතිපත්තිය අනුව කිසිදු පාසලක් වසා දමන්නේ නැහැ. මහින්දෝදය පාසල් 1,000 වැඩසටහන යටතේ වසා දමා තිබූ පාසල් නැවත විවෘත කිරීම සිදු කරනවා.  නමුත් මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරින් විසින් වාර්තා කර ඇති පරිදි පසු ගිය කාලය තුළ මේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීම මත මෙම පාසල වසා තිබෙනවා. එම විදුහලේ භූමිය හා ගොඩනැඟිලි සම්බන්ධව පළාත් සභාව හෝ මධ්‍යම රජය කිසිදු අවධානයක් යොමු නොකළ බව සඳහන් කර තිබෙනවා. 

මධ්‍යම රජයට මේ ගැන අවධානය යොමු කරන්න බැහැ. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාත් පළාත් සභාවේ සිටි නිසා ඒ ගැන දන්නවා. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පළාත් සභාවට.

(ii) විදුහල් භූමිය හා ගොඩනැගිලි සම්බන්ධව දැනටමත් අවශ්‍ය අවධානය යොමු කර ඵලදායී කටයුත්තකට යෙදවීමට පියවර ගෙන ඇත.

(iii) බාහිර පාර්ශ්ව විසින් අත් පත් කර ගැනීමක් සිදුවී නොමැත.

(ආ) 1975 වර්ෂයේ ආරම්භ කළ මෙම විදුහලට අයත් භූමි ප්‍රමාණය, ගොඩනැගිලි සංඛ්‍යාව සහ අනෙකුත් භෞතික සම්පත් මෙසේයි.

භූමි ප්‍රමාණය    - අක්කර 02කි.

ගොඩනැගිලි සංඛ්‍යාව  - 01කි. (20x60)

භෞතික සම්පත් - පාසලේ තිබුණු භෞතික සම්පත් ආසන්න පාසල්වලට ලබා දී ඇත. මේ වන විට  ගොඩනැගිල්ල හා භූමිය පමණක් තිබේ.

(ඇ) (i) පාසල වසා දැමූ දිනය  -  2001.01.03වෙනි දා ප්‍රාදේශීය ලේකම් වෙත භාර දුන් දිනය  -  2001.01.20වෙනි දා

      (ii) පාසල වසා දැමූ දිනයේ සිටි ශිෂ්‍ය සංඛ්‍යාව -  09යි

           පාසල වසා දැමූ දිනයේ සිටි ගුරුවරු සංඛ්‍යාව -  03යි

ශිෂ්‍යයෝ නවදෙනෙක් සහ ගුරුවරු තුන්දෙනෙක් සිටීම නිසා තමයි මේ පාසලට දරුවෝ පැමිණෙන්නේ නැත්තේ. 2001 දී මේ පාසල වසා

දැමුවා කියලා තමයි පළාත් සභාව විසින් මා වෙත වාර්තා කරලා තිබෙන්නේ.

      (iii)      පාසල නගරයට ආසන්න (4 km ) බැවින් හා ප්‍රවාහන පහසුකම් ඇති බැවින් දරුවන් නගරයට සංක්‍රමණය වීම.

                ගමේ ජන සංඛ්‍යාව අඩු වීම.

                මෙම පාසලට ආසන්න පාසල් 02ක් පැවතීම.

                (මා/බණ්ඩාරපොල ම.වි. - 2 km දුරින්ද, මා/කටුදෙණිය ම.වි. - 2Km දුරින් ද ඇත.)

(ඈ) මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත සෙමෙන් ඉගෙන ගන්නා දරුවන් සඳහා සුදුසු පාසලක් ආරම්භ කිරීම සඳහා අදාළ දෙමාපිය සංගමයෙන් කරනු ලැබූ ඉල්ලීම අනුව මේ වන විට එම පාසල පිළිසකර කරමින් පවතී. මේ සඳහා පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩල තීරණයක් යටතේ අනුමැතිය ලබා ගෙන පාලක මණ්ඩලයක් පත් කර ඉදිරි කටයුතු කරමින් පවතී.

(ඉ) අදාළ නොවේ.

 

பதில் தேதி

2013-10-10

பதில் அளித்தார்

கௌரவ (கலாநிதி) பந்துல குணவர்தன, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks