01

E   |   සි   |  

 திகதி: 2017-07-26   பதிலளிக்கப்பட்டவைகள் 

1154/2017: மத்துகம வலகெதர மகா வித்தியாலயம் : வசதிகள்

கௌரவ (டாக்டர்) நளிந்த ஜயதிஸ்ஸ,— கல்வி அமைச்சரைக் கேட்பதற்கு,—

(அ) (​i) மத்துகம கல்வி வலயத்துக்குரிய மே.மா/ம/வலகெதர மகா வித்தியாலயம் 2012 ஆம் ஆண்டில் இரண்டாம் நிலை பாடசாலை கருத்திட்டத்தில் சேர்க்கப்பட்ட போதிலும் அப் பாடசாலைக்கு தொழில்நுட்பவியல் கூடமொன்று மாத்திரமே கிடைத்துள்ளதென்பதையும்;

(ii) 2016 ஆம் ஆண்டில் அப் பாடசாலை "அண்மித்த பாடசாலை சிறந்த பாடசாலை" கருத்திட்டத்தின் 'சீ' வகுதிக்குள் உள்ளடக்கப்பட்ட போதிலும், அதன் கீழ் புதிதாக எந்தவொரு வகுப்பறை கட்டடமும் வழங்கப்படவில்லை என்பதையும்;

(iii) கடந்த 15 ஆண்டுகளாக இப் பாடசாலைக்கு போதியளவு பௌதீக வளங்கள் கிடைக்கவில்லை என்பதையும்;

(iv) பாடசாலையில் சங்கீதம், விஞ்ஞானம், விளையாட்டு மற்றும் உடற்பயிற்சி, ஆலோசனை ஆகிய பாடங்களையும் 6 - 9 ஆம் தரங்களுக்கு தமிழ் மொழியையும் கற்பிப்பதற்கு ஆசிரியர்கள் இல்லை என்பதையும்;

அவர் ஏற்றுக்கொள்கின்றாரா?

(ஆ) (i) சுமார் 1200 மாணவர்கள் கல்வி கற்கின்ற இப் பாடசாலைக்கு போதியளவு கட்டட வசதிகளை பெற்றுக்கொடுப்பதற்கு நடவடிக்கை எடுக்கப்படாமைக்கான காரணங்கள் யாவை என்பதையும்;

(ii) மேற்படி பாடசாலையில் நிலவும் ஆசிரியர் வெற்றிடங்களை நிரப்புவதற்கு எவ்வளவு காலம் எடுக்கும் என்பதையும்;

அவர் இச் சபைக்கு அறிவிப்பாரா?

(இ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2017-07-26

கேட்டவர்

கௌரவ (டாக்டர்) நலிந்த ஜயதிஸ்ஸ, பா.உ.

அமைச்சு

கல்வி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)      මතුගම අධ්‍යාපන කලාපයට අයත් බප/මතු/වලගෙදර මහා විද්‍යාලය 2012 වසරේ, මධ්‍යම රජය මඟින් ක්‍රියාත්මක කරන ද්විතීයික පාසල් ව්‍යාපෘතියට ඇතුළත් කර ඇත.

                         එම ව්‍යාපෘතිය යටතේ ඇතුළත් වන පාසල්වලට ප්‍රදානය කරනු ලබන්නේ තාක්ෂණික විද්‍යාගාරයක් හා ඒ සඳහා අවශ්‍ය උපකරණ පමණි.

                         ඒ අනුව මෙම පාසල සඳහා තාක්ෂණික විද්‍යාගාරයක් හා උපකරණ ලබාදී ඇත.

(ii) පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල ගොඩනැඟිලි හා භෞතික සම්පත් සැපයීම අදාළ පළාත් සභාව මඟින් සිදු කළ යුතු වේ.

නමුත්, මධ්‍යම රජය මඟින් ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘති සඳහා පළාත් පාසල් තෝරා ගත් විට එම ව්‍යාපෘතිය යටතේ ලබා දෙනු ලබන  පහසුකම් එම තෝරා ගත් පාසල්වලටද ලබාදේ.

ඒ අනුව, මෙම පාසල මධ්‍යම රජය මඟින් ක්‍රියාත්මක කරන  විශේෂ ව්‍යාපෘතියක් වන "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතියේ "සී" කාණ්ඩයට ඇතුළත් කර, ඒ යටතේ ප්‍රදානය කරනු ලබන  පහසුකම් ලබාදී ඇති නමුත් එම ව්‍යාපෘති යටතේ පන්ති කාමර ගොඩනැඟිලි ලබාදෙනු නොලැබේ.

(iii) 2012 වර්ෂයේදී ද්විතීයික පාසල් ව්‍යාපෘතිය යටතේ තාක්ෂණික විද්‍යාගාර හා උපකරණ ලබාදී ඇත.

තවද, ද්විතීයික පාසල් සංකල්පය  ක්‍රියාත්මක කරනු ලැබූ මුල් කාලයේදීම, එනම් 2013 වසරේදී පරිගණක 69ක් ලබාදී ඇත.

රේඛීය අමාත්‍යාංශය මඟින් 2015 වර්ෂයේදී රුපියල් ලක්ෂ 19ක වියදමින් වැසිකිළි පද්ධතියක් ඉදි කර දී ඇත.

තවද, 2016 වර්ෂයේදී රේඛීය අමාත්‍යාංශය මඟින් මෙම පාසලට රුපියල් ලක්ෂ 15ක සුළු අලුත්වැඩියාවක් හා රුපියල් 250,000ක විදුලි අලුත්වැඩියාවන් සිදු කර ඇත.

එමෙන්ම "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ පාසලේ දන්ත සෞඛ්‍ය පහසුකම් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාදීමට අනුමත වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් "සනීපාරක්ෂාව පෙරට" ව්‍යාපෘතිය යට‍‍තේ මෙම පාසලට වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 20ක් ප්‍රදානය කර ඇත.

එමෙන්ම රේඛීය අමාත්‍යාංශයෙන් ක්‍රීඩා උපකරණ ලෙස වොලිබෝල් 05ක්ද, වොලිබෝල් නෙට් 02ක්ද, නෙට්බෝල් 03ක්ද, යගුලි 04ක්ද, කවපෙති 04ක් සහ ටේප් 01ක්ද මෙම පාසලට ලබාදී ඇත.

තවද, ලී බඩු වශයෙන් මේස 50ක්ද,  පුටු 50ක්ද,  ගුරු පුටු 03ක්ද, ගුරු මේස 03ක්ද, කබඩ් 02ක් සහ මල්ටි මීඩියා (multimedia) උපකරණ 1ක් ද දැනටමත් මෙම පාසලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දී අවසන්ය.

පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල ගොඩනැඟිලි හා මූලික භෞතික පහසුකම් අදාළ පළාත් සභාව විසින් ලබා දිය යුතු අතර, බස්නාහිර පළාත් සභාව මඟින් 2015දී රුපියල් ලක්ෂ 21ක පමණ වියදමින්, පැවැති ගොඩනැඟිල්ලක් අලුත්වැඩියා කර ඇත.

2017 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 31ක මුදලක් ගොඩනැඟිල්ලක නවීකරණ කටයුතු සඳහා අනුමත වී ඇති අතර, මේ වන විට ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.

(iv) පළාත් පාසල් සඳහා ගුරුවරු සේවා ස්ථානගත කිරීම අදාළ පළාත් සභාව විසින් සිදු කරනු ලැබේ.

මෙම පාසලේ සංගීතය, විද්‍යාව යන විෂයයන් සහ 6 - 9 ශ්‍රේණිවලට දෙමළ විෂයය ඉගැන්වීමට ගුරු භවතුන් ප්‍රමාණවත් පරිදි ලබා දී ඇති බවත්,

ක්‍රීඩා හා ශාරීරික අභ්‍යාස විෂය භාර ගුරු මහත්මිය දරු ප්‍රසූතියක් වෙනුවෙන් මාස 3ක කාලයක් සඳහා දකුණු පළාතේ කරන්දෙනිය මධ්‍ය මහා විදුහල වෙත තාවකාලික සේවා අනුයුක්තයක් ලබා ඇති බවත්,

උපදේශන විෂය සඳහා ගුරු භවතුන් පත් කර නොමැති අතර, දැනට පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරු මහත්මියක විසින් මෙම විෂයයේ වැඩ ආවරණය කරන බවත්,

ඒ අනුව ගුරු හිඟයක් නොමැති බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විසින් වාර්තා කර ඇත.

(ආ) (i) මෙම පාසල පළාත් පාසලක් වන බැවින් බස්නාහිර පළාත් සභාව මඟින් අනෙකුත් අවශ්‍ය ගොඩනැඟිලි පහසුකම් ලබා දිය යුතුය.

2012 වර්ෂයේ  මෙම විදුහල ද්විතීයික පාසල් ව්‍යාපෘතියට තෝරා ගැනීමට පෙර 1 සිට 13 දක්වා පන්ති පැවැත්වෙන 1AB පාසලක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

ඒ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 1,020කි. වර්තමානයේ ද්විතීයික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර 6 - 13 දක්වා පන්ති පැවැත්වෙන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 1,080ක් දක්වා වැඩි වී ඇත.

නව ගොඩනැඟිලි ලබා දී නැතත් පැවැති ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීමට කටයුතු කර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විසින් වාර්තා කර ඇත.

(ii) විදුහල්පති විසින් ඉල්ලා ඇති මූලික ගුරු අවශ්‍යතා සපුරා ඇති බව පළාත් අධ්‍යාපන ලේකම් වාර්තා කර ඇති බැවින් තවදුරටත් ගුරුවරුන් ලබා දීමේ අවශ්‍යතාවක් නොමැත.

(ඇ) අදාළ නොවේ.

பதில் தேதி

2018-01-30

பதில் அளித்தார்

கௌரவ அகில விராஜ் காரியவசம், பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks